සුපුන් හේවාගම කියන්නේ කුඩා කාලයේ ඉදලම සටන් ශිල්පය ඉගෙන ගන්න බොහොම ආසාවෙන් හිටපු කෙනෙක්. ඒ තිබ්බ ආසාව, උත්සහය, උනන්දුව සහ කැපවීම නිසාම අද එයා හොද තැනකට ඇවිත් තියෙනවා. ඒත් ඉතින් ඒ ආපු ගමන් මග, හරිම දුෂ්කර සහ කටුක ගමන් මගක්. තමන්ට හම්බවෙන සියලුම බාධක, අභියෝගයක් විදිහට භාර අරගෙන තමයි මේ සාර්ථක ගමන ඇවිත් තියෙන්නේ. ඉතින් සුපුන්ගේ ජීවිත කතාවෙන් ගොඩක් අයට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් අන්තර්ගතයි. අපි දැන් බලමු සුපුන් මොනවද අපිත් එක්ක කතා කළේ කියලා.