පෘතුගීසීන් අපේ රටේ ආක්රමණශීලී ප්රතිපත්තියක් අනුගමනය කරන්න ගන්නකොට, පෘතුගීසීන් එක්ක කරට කර ඉදගෙන, සමස්ථ ලංකාවේම මුරදේවතාවා විදිහට පෙනී සිටිමින් පෘතුගීසීන්ට අභියෝග කරන්න පුලුවන් රාජධානියක් විදිහට තිබුණෙ සීතාවක රාජධානිය විතරයි. අද අපි කතා කරන්නෙ රටක් එක්ක යුද්ධ කරලා ලබපු දරුණුතම පරාජයට පෘතුගීසීන්ව පත් කරපු, යුරෝපයටත් වඩා ඉස්ථරම් වර්ගයේ තුවක්කු හදපු, අභිමානවත් සහ ප්රතාපවත් සීතාවක රාජධානිය බිඳ වැටුණෙ කොහොමද කියලයි.