Some Australian banks are expected to pay-back millions of dollars to customers after a report found avoidable fees and complicated processes were causing financial harm. The Australian Securities and Investment Commission says four financial institutions will refund over $28 million in overcharges to those who could least afford it after keeping them stuck in high-fee accounts. - ප්රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු බැංකු වලට තම පාරිභෝගිකයන් හට ඩොලර් මිලියන ගණනක් ආපසු ගෙවීමට සිදු වන බව වාර්තා වනවා. Account maintenance fee වැනි වළක්වාගත හැකි ගාස්තු සහ සංකීර්ණ ක්‍රියාමාර්ග නිසා පාරිභෝගිකයන් හට මූල්‍යමය වශයෙන් පාඩු සිදුවන බව වාර්තාවකින් අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිසම පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර වන ANZ, කොමන්වෙල්ත්, නැබ්, සහ වෙස්ට්පැක් යන බැංකු, ඉහළ ගාස්තු සහිත බැංකු ගිණුම්වල තම පාරිභෝගිකයන් රදවා ගෙන තිබෙනවා. එයින් අසාධාරණයට ලක් වූ, එම ගාස්තු දරාගත නොහැකි පාරිභෝගිකයන් වෙත, ඩොලර් මිලියන 28 කට වැඩි මුදලක් ආපසු ගෙවීමට බැංකු වෙත නියෝග කෙරෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගෙ කාලීන තොරතුරු විග්‍රහයෙන්