The winner of the Undergraduate Competition in 2019 COINS Grand Challenge global competition is Chathurangi Edussuriya, a student at the University of Peradeniya, Sri Lanka speaks to SBS Sinhalese.
Chathurangi’s soil-testing innovation, which can be used on site, with the results fed into a smartphone.
Chathurangi was also awarded the COINS Investment Prize, which goes to the entry that the judges consider to be the most promising business idea.
-
මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමි කරගැනීමට සමත් වූවාය.
ඉදිකිරීම් ක්ෂේත්රයේ නවීන තාක්ෂණය හා බැදුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් Construction of Industry Solutions (COINS) ආයතනය මගින් ලොව රටවල් ගණනාවක නව නිපැයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගෝලීය තරගයේදී ඇය මෙම ජයග්රහණ්ය පසුගිය දා හිමිකර ගත්තාය.
ඇගේ එම ජයග්‍රහණය සම්බන්ධව SBS සිංහල සේවය චතුරංගී එදිරිසූරිය සමග සිදුකළ සාකච්ඡාව.