Today, we are discussing Ayurvedic advice for maintaining healthy skin. Listen to this SBS Sinhala discussion featuring Dr. Udeni Liynaarachchi from Melbourne, a professional Ayurvedic expert and a member of the Australian Ayurvedic Association. - සම යනු ශරීරයේ විශාලතම ඉන්ද්රිය වන අතර එය ජලය, ප්‍රෝටීන්, මේද සහ ඛනිජ ලවණ වලින් සෑදී තිබෙනවා. එය මුළු ශරීරයම ආවරණය කරන අතර තාපය, ආලෝකය, තුවාල සහ ආසාදන වලට එරෙහිව ආරක්ෂිත පලිහක් ලෙසට කටයුතු කරනවා. තවද සමේ ස්නායු ඔබට උණුසුම් හා සීතල වැනි සංවේදනයන් දැනීමට උපකාරී වනවා. වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව අපි සම ගැන සැලකිලිමත් වෙනවා. නිරෝගී සමක් ලබා ගැනීම පිලිබදව ආයුර්වේද විද්‍යාවෙන් ලබා දෙන උපදෙස් පිලිබදව අපි අද සාකච්චා කරනවා. අද සාකච්චාවට සහභාගී වුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි, ඕස්ට්‍ර්ලියානු ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි මහත්මිය (වික්ටෝරියා ප්‍රාන්තය).