Prime Minister Malcolm Turnbull says cheaper, more reliable energy is a step closer because of what he calls "overwhelming" support from the Coalition party room for his proposed National Energy Guarantee.
Former prime minister Tony Abbott is among a group of Coalition MPs known to have spoken against the policy, though, at a two-and-a-half-hour, closed-door meeting. This feature reveals more details.
-
National Energy Guarantee හෙවත් නව ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සදහා සභාග රජයේ විවිධ පාර්ශවයන්ගෙන් ඉතා හොද සහයෝගයක් ලැබෙන බවත් ඒ නිසා ඉතා ඉක්මනින් ඕස්ට්‍රේලියානු ජනතාවට, සහනදායි මිලකට ඉතා ඉහල තත්වයේ බලශක්ති සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාශ කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් පවසනවා.
පසුගියදා සභාග රජයේ සාමාජිකයින් අතර මේ පිළිබද ඉතා දීර්ඝ සාකච්චාවක් පැවති අතර, එහිදී අදාල ප්‍රතිපත්තියට විරුද්ධ වූ සභාග රජයේ සාමාජිකයින් අතර හිටපු අගමැති ටෝනි ඇබට් ද සිටි බව සදහන්.
නමුත් අගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ තම රජයේ සාමාජිකයින් බොහෝ දෙනෙක් නව බලශක්ති ප්‍රතිපත්තියට සහාය දක්වන බවත්, ඒ යටතේ පරිසර දුෂණය අවම කරමින් පහසු මිලකට විදුලි බලය ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.