The Productivity Commission has questioned the effectiveness of the decades-old "four pillars" banking policy.
It comes as a banking Royal Commission is scheduled to begin next week, and as bank executives begin to face closer scrutiny. The so called "four pillars" policy was introduced 1990 by Labor treasurer Paul Keating.
It aimed at maintaining a competitive market by preventing mergers between Australia's major banks - the Commonwealth, Westpac, National Australia and A-N-Z .
Now, a draft Productivity Commission report into financial sector competition is questioning the policy, describing it as "ad hoc" and "redundant". Instead, it suggests the policy may have "eroded competition by embedding a fixed market structure".
But Prime Minister Malcolm Turnbull says he's not looking to abandon the policy. This feature reveals more details.
-
ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක ප්‍රධාන බැංකු හතර ඒකාබද්ධ වීම වල්කවලන "four pillars" බැංකු ප්‍රතිපත්තිය කොයි තරම් දුරට සාර්ථක දැයි ඕස්ට්‍රේලියානු පලදායිතා කොමිසම මගින් ප්‍රශ්න කර ඇති බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියානු බැංකු වල ක්‍රියාකාරිත්වය පිළිබද සොයා බැලීමට පත් කල රාජකීය කොමිසම තම වැඩ කටයුතු එළබෙන සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී පලදායිතා කොමිසම මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම විශේෂිත තත්වයක්.
බැංකු අතර තරගකාරිත්වය පවත්වාගෙන යමින් ප්‍රධාන බැංකු වන Commonwealth, Westpac, National Australia and A-N-Z . යන බැංකු ඒකාබද්ද වීම වැලැක්වීම 1990 කම්කරු පක්ෂ භාණ්ඩාගාරික Paul Keating විසින් හදුන්වා දුන් මෙම ප්‍රතිපත්තියේ අරමුනයි.
විශේෂ වාර්තාවක් එලි දක්වමින් මේ පිලිබදව අදහස් දක්වන පලදායිතා කොමිසම පවසන්නේ බැංකු සදහා සකස් කල වෙළදපොල ක්‍රමවේදයක් ඇති නිසා මෙම ප්‍රතිපත්තිය අනවශ්‍ය බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.