Prime Minister Scott Morrison has flagged aged care as one of his top priorities, and is committing millions to improving aged care, with grants for regional facilities, and plans for a new regulator.
But the opposition says it’s too little, too late - and the funding doesn’t make up for past budget cuts. This feature reveals more details.
-
ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වැඩිහිටි සුරැකුම් සේවා වල තත්වය වර්ධනය කිරීම සදහා තමන් විසින් වැඩි අවධානයක් යොමු කරන බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසනවා.
ඩොලර් මිලියන ගණනක ප්‍රතිපාදන ඒ සදහා වෙන් කරමින්, ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශ වල වැඩිහිටි සුරැකුම් සේවා දියුණු කිරීම සහ ඒ සදහා නියාමන ආයතනයක් බිහි කිරීම ආදී සැලසුම් අගමැතිවරයා විසින් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් විපක්ෂ පවසන්නේ පසුගිය අයවැයෙන් අදාල කේෂ්ත්‍රය සදහා කල කප්පාදු කිරීම් සලකා බැලීමේදී, ලබාදීමට යෝජනා වී ඇති නව ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.