Twenty-four health advocacy groups and a Victorian state government health agency are joining forces in a bid to effectively eliminate smoking in less than a decade.
The Quit Victoria-led campaign aims to reduce the daily smoking rate to 5 per cent by 2025.
730-thousand Victorians are smokers and Quit Victoria says their collective habit costs the state 3.8 billion dollars a year. It wants a renewed focus on reducing smoking to get the rate down from 13.7 per cent to 5 per cent in 2025. This feature reveals more details.
-
වසර 10කින් දුම්පානය කිරීම තුරන් කිරීමේ අරමුණින් වික්ටෝරියානු ප්රාන්ත රජය සහ සංවිධාන කීපයක් එක්ව විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා.
සෞඛ්යය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන 24ක් වික්ටෝරියානු ප්රාන්ත රජය සමග මේ ක්රියාදාමයට එක්ව ඇති අතර, 2025 වන විට දිනක දුම්පානය කිරීමේ ප්රතිශතය සියයට 5 දක්වා අඩු කිරීම මෙම වැඩසටහනේ ඉලක්කය වී ඇති බව සදහන්. වික්ටෝරියානු ප්රාන්තය තුල පමණක් 730,000 කට ආසන්න දුම්පානය කරන්නන් ප්රමාණයක් සිටින අතර මේ නිසා ප්රාන්තයට වාර්ෂිකව ඩොලර් බිලියන 3.8ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව Quit Victoria සංවිධානය පෙන්වා දෙනවා.