AN 02-16-01. කොධුපනාහ සූත්‍රය.
AN 02-16-02. මක්ඛ පලාස සූත්‍රය.
AN 02-16-03. ඉස්සාමච්ඡරිය සූත්‍රය
AN 02-16-04. මායාසාඨෙය්ය සූත්‍රය
AN 02-16-05. අහිරිකානොත්තප්ප සූත්‍රය.
AN 02-16-06. අක්කොධානුපනාහ සූත්‍රය
AN 02-16-07. අමක්ඛ පලාස සූත්‍රය.
AN 02-16-08. අනිස්සා මච්ඡරිය සූත්‍රය.
AN 02-16-09. අමායා සාඨෙය්‍ය සූත්‍රය
AN 02-16-10. හිරි ඔත්තප්ප සූත්‍රය.
AN 02-16–11. කොධ සමන්නාගත සූත්‍රය.
AN 02-16-12. මක්ඛ සමන්නාගත සූත්‍රය
AN 02-16–13. ඉස්සා සමන්නාගත සූත්‍රය.
AN 02-16-14. මායා සමන්නාගත සූත්‍රය.
AN 02-16–15. අහිරික සමන්නාගත සූත්‍රය
AN 02-16-16. අක්කොධ සමන්නාගත සූත්‍රය.
AN 02-16–17. අමක්ඛ සමන්නාගත සූත්‍රය.
AN 02-16-18. අනිස්සා සමන්නාගත සූත්‍රය.
AN 02-16–19. අමායා සමන්නාගත සූත්‍රය.
AN 02-16-20. හිරි සමන්නාගත සූත්‍රය.
AN 02-16–21. කොධ පරිහානි සූත්‍රය.
AN 02-16-22. මක්ඛ පරිහානි සූත්‍රය.
AN 02-16–23. ඉස්සාපරිහානි සූත්‍රය.
AN 02-16-24. මායා පරිහානි සූත්‍රය
AN 02-16–25. අහිරික පරිහානි සූත්‍රය.
AN 02-16-26. අක්කොධ පරිහානි සූත්‍රය.
AN 02-16–27. අමක්ඛා පරිහානි සූත්‍රය.
AN 02-16-28. අනිස්සා පරිහානි සූත්‍රය.
AN 02-16–29. අමායා පරිහානි සූත්‍රය.
AN 02-16-30. හිරිඅපරිහානි සූත්‍රය
AN 02-16-31. කොධ නිරයුප්පත්ති සූත්‍රය.
AN 02-16-32. මක්ඛ නිරයුප්පත්ති සූත්‍රය.
AN 02-16–33. ඉස්සා නිරයුප්පත්ති සූත්‍රය.
AN 02-16-34. මායා නිරයුප්පත්ති සූත්‍රය.
AN 02-16–35. අහිරික නිරයුප්පත්ති සූත්‍රය.
AN 02-16-36. අක්කෝධ සග්ගුප්පත්ති සූත්‍රය.
AN 02-16–37. අමක්ඛ සග්ගුප්පත්ති සූත්‍රය.
AN 02-16-38. අනිස්සා සග්ගුප්පත්ති සූත්‍රය.
AN 02-16-39. අමායාසග්ගුප්පත්ති සූත්‍රය
AN 02-16-40. හිරිසග්ගුප්පත්ති සූත්‍රය.
AN 02-16–41. කොධ අපායුප්පත්ති සූත්‍රය.
AN 02-16-42. මක්ඛ අපායුප්පත්ති සූත්‍රය.
AN 02-16–43. ඉස්සා අපායුප්පත්ති සූත්‍රය.
AN 02-16-44. මායා අපායුප්පත්ති සූත්‍රය.
AN 02-16–45 අහිරික අපායුප්පත්ති සූත්‍රය
AN 02-16-46. අක්කොධ සුගතුප්පත්ති සූත්‍රය
AN 02-16–47. අමක්ඛ සුගතුප්පත්ති සූත්‍රය.
AN 02-16-48.අනිස්සා සුගතුප්පත්ති සූත්‍රය.
AN 02-16–49. අමායා සුගතුප්පත්ති සූත්‍රය.
AN 02-16-50. හිරිසුගතුප්පත්ති සූත්‍රය.
AN 02-16-01කොධ අකුසල සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්:
“ක්‍රෝධයද,
(උපනාහය )-බද්ධ වෛරයද
යන මේ දෙකයි.
[කොධො ච මෙයින් මත්තෙහි කිපීම් ලක්ෂණ ඇත්තේ කොධො නමි.
උපනාහො : වෛරබැදීමේ ලක්ෂණය ඇත්තේ උපනාභො නමි. වෛරබැදීමේ ලක්ෂණය ඇත්තේ උපනාභො නි.
කෝධ:
අනුන්ට බණින තර්ජනය කරන අත්පා ආදියෙන් පහර දෙන අනුන් මරණ අන්සතු වස්තුව විනාශ කරන සමහරවිට තමාගේ වස්තුව වුව ද විනාශ කරන තමාගේ ජීවිතය වුව ද නසන රෞද්‍ර වූ විරුද්ධ ස්වභාවය ක්‍රෝධය ය.
අකමැති බව, නොමනාපය, නුරුස්නාබව, කේන්තිය, තරහව, ක්‍රමයෙන් විකාශනය වීමෙන් කෝධය දක්වා වැඩේ. බලවත් ක්‍රෝධය පුද්ගලයා උමතු කරයි. ක්‍රෝධයෙන් උමතු වූ පුද්ගලයා සමහරවිට තමා ගේ බඩු ද බිම ගසා පොඩි කර විනාශ කරයි. සමහරවිට ගිනි තබා විනාශ කරයි. තමාගේ අඹුදරුවන්ට තර්ජනය කරයි. පහර දෙයි. සමහරවිට මරා දමයි. එසේ කොට තමාගේ ජීවිතය ද නසා ගනියි. අන්‍යයන්ට අපරාධ කිරීම ගැන කියනුම කිම? මේ ක්‍රෝධය ලෝකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. ක්‍රෝධය හටගත් පුද්ගල තෙමේ මව්පියන්ට ද අපරාධ කරයි. සහෝදර සහෝදරියන්ට ද අපරාධ කරයි. පැවිද්දන්ට ද අපරාධ කරයි. ගරු කළ යුතු වූ අපරාධ කිරීමට නුසුදුසු වූ අන් ගුණවතුන්ට ද අපරාධ කරයි. එයින් ඔහු ආ ගිය තැන ගැරහුම් ලබයි. දඬුවම් ද ලබයි. ක්‍රෝධය මෙසේ ලෝකවද්‍ය වශයෙන් මහාසාවද්‍ය වේ. කෝප වූ පුද්ගලයා සමහර විට මවුපියන් මරා කල්පයක් අපායෙහි පැසෙයි. එබැවින් ක්‍රෝධය විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍ය වේ. ක්‍රෝධයෙන් වන පව්වල විපාකය නැති කර ගැනීම අපහසු ය.
දෝසේන හි දුට්ඨෝ මාතාපිතූසුපි චෙතියෝ පි
බෝධිම්හි පි පබ්බජිතෙසු පි අපරජ්ඣිත්වා මය්හං
ඛමථාති අච්චයං දෙසෙති.
තස්ස සහ ඛමාපනේන
තං කම්මං පටිපාකතිකමේව හෝති.
යනුවෙන් කෝප වූ මව්පියන්ට හෝ චෛත්‍යයට බෝධියට හෝ පැවිද්දාට හෝ අපරාධ කළ තැනැත්තාට ක්ෂමා කරවා ගැනීමෙන් එහි දෝෂය නැති කර ගත හැකි බව මනෝරථ පූරණී අට්ඨකතාවෙහි දක්වා ඇත්තේ ය. ක්ෂමාව ලබා ගැනීමෙන් නිදහස් විය හැක්කේ කුඩා අපරාධ ගැන පමණක් බව කිය යුතු ය. මව්පියන් මැරීම ආනන්තරිය කර්මයක් වන නිසා කවරාකාරයකින් වත් එහි විපාකය නො වැළැක්විය හැකි ය.
මහානර්ථකර වූ මේ ක්‍රෝධය ඇති වුව හොත් එය සිය නිවසට ඇතුළු වූ සර්පයකු සේ ද, කුසට ඇතුළු වූ වසක් මෙන් ද සලකා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. යම්කිසි කරුණක් ගැන කෝපය ඇති වූ කල්හි එය වහා සන්සිඳවා නො ගත හොත් ක්‍රමයෙන් වැඩේ. මුලින් ඇති වූ ක්‍රෝධය ක්‍රමයෙන් පරුෂ වචන කියන තත්ත්වයට ද, පහර දීම සඳහා අත් පා ක්‍රියා කරවන තත්ත්වයට ද, ගල් මුල් පොලු වලින් පහර දෙන තත්ත්වයට ද, කඩු කිණිසි වලින් පහර දෙන තත්ත්වයට ද, ගෙවල් ගිනි තබන බඩු විනාශ කරන තත්ත්වයට ද සිය දිවි නසා ගන්නා තත්ත්වයට ද දියුණු වේ. මෙසේ ක්‍රෝධය දියුණු වන්නේ කිපී ඇත්තේ මමය කියා ක්‍රෝධය ආත්ම වශයෙන් හෝ මාගේ ක්‍රෝධය කියා ආත්මීය වශයෙන් හෝ සැලකීම නිසා ය. ක්‍රෝධය එසේ ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ නො ගෙන තමාගේ පඤ්චස්කන්ධය නමැති ගෙට ඇතුළු වූ සර්පයකු ලෙස විෂක් ලෙස සලකන්නවුන්ට ක්‍රෝධය නො වැඩේ. ඔවුනට සර්පයා පලවා හරින්නාක් මෙන් ක්‍රෝධය පලවා හැරිය හැකි ය.
ගිනිදැල් විහිදුවමින් පැවති ගිනි අඟුරු අලුයෙන් යට වූ විට කලක් නිසල ව පවතී. එමෙන් පටන් ගැන්මේ දී ක්‍රියාකාරිත්වයෙන් පැවති ක්‍රෝධය එහි අධික වේගයෙන් සන්සිඳී අලුයෙන් යට වූ ගිනි අඟුර මෙන් සිත්සතන්හි යට වී පවතී. එය අප්‍රකට ය. ඒ තත්ත්වයට පැමිණි ක්‍රෝධය උපනාහ නම් වේ. වෛරය යනු ද එයට නමෙකි. වෛරය ලෙහෙසියෙන් නො සන්සිඳෙන දීර්ඝ කාලයක් පවතින ක්ලේශයෙකි. සමහරවිට එය එක් ජාතියකදී කෙළවර නොවී කාළි යකින්නගේ වෛරය මෙන් ද, දෙවිදත්ගේ වෛරය මෙන් ද භවාන්තරයට ද යන්නේ ය. වෛරය නිසා බෝසතාණන්ට අපරාධ කොට දෙවිදත් බොහෝ වාර ගණනක් අවීචියෙහි උපන් බව ජාතක කථාවල සඳහන් ව ඇත්තේ ය.
න හි වේරේන වේරානි -සම්මන්තීධ කුදාචනං,
අවේරේන ච සම්මන්ති – එස ධම්මෝ සනන්තනෝ
(ධම්මපද යමක වග්ග)
කෙළ සෙම් සොටු මළ මුත්‍රයෙන් අපවිත්‍ර වූ තැනක් ඒවායින් ම සෝදා පිරිසිදු නො කළ හැකි ය. පිරිසිදු කරන්නට ය කියා ඒවායින් සේදුවහොත් ස්ථානය වඩාත් අපවිත්‍ර වන්නේ ය. වඩා දුගඳ වන්නේ ය. බණින්නහුට පෙරළා බැණීමෙන්, පහර දෙන්නහුට පෙරළා පහර දීමෙන් වෛරදය නො සන්සිඳේ. එයින් වෛරය වඩාත් දියුණු වේ. පිරිසිදු දියෙන් සේදීමෙන් අපවිත්‍ර ස්ථාන පිරිසිදු වන්නාක් මෙන් ක්ෂාන්ති මෛත්‍රි ආදි අවෛරයෙන් ම වෛරය දුරු වේ. මේ බුද්ධාදි මහෝත්තමයන් ගිය පෞරාණික මාර්ගය යයන ඉහත දැක්වූ ගාථාවේ අදහස ය.
“මහණෙනි,
මේ දෙක බලවත්
අකුසල ධර්මයෝ වෙත්.”
AN 02-16-02 මක්ඛපලාස සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු තවත් අකුසල ධර්මයෝ දෙකක් ඇත.
කවර දෙකක්ද යත්:
“ගුණමකුවීමද,
යුගග්රාහයද යන
මේ දෙකයි.
[මක්ඛය යනු කල යුගග්‍රාහ (Yugagrāha): තමා සහ වෙනත් අයෙකු සමාන කර (යුගලයක් ලෙස) අල්ලාගෙන, තමා ඉහළින් තබා ගැනීම හෝ අන් අය සමඟ තමාගේ ගතිගුණ සැසඳීමයි.
“මහණෙනි,
මේ දෙකද මහත්වූ
අකුසල ධර්මයෝ වෙත්.”
මක්ඛ
මාපියන් විසින් ගුරුන් විසින් නෑයන් මිතුරන් විසින් කළ උපකාර වලින් දියුණු වී, මා මාගේ වීර්‍ය්‍යයෙන් ම දියුණු වූවා මිස මට කවුරුන් වත් කළ දෙයක් නැත. කාගෙන්වත් මට උවමනාවක් ද නැත කියා කළ ගුණ අවලංගු කරන ස්වභාවය මක්ඛ නම් වේ. ගුණමකු බවය යනු ද එයට නමෙකි. එය ද්වේෂයේ ම ආකාර විශේෂයකි.
අනිකකුගෙන් උපකාර ලබා ගත්තා වූ හෝ ලබමින් සිටින්නා වූ හෝ ඇතැමෙක් යම්කිසි කරුණකින් කෝප වූ විට, මට ඔබ කළ දෙයක් නැත, ඔබෙන් මට වුවමනාවකුත් නැත, කියා ගුණ අවලංගු කරයි. ජීවත්වීමට පවා ක්‍රමයක් නොමැතිව අසරණ ව සිටි ඇතැම් අසත්පුරුෂයෙක් යම්කිසි කාරුණකියකුගේ උපකාරයෙන් දියුණු වූ පසු උසස් තත්ත්වයට පැමිණි පසු උපකාර කළ සත්පුරුෂයා හමු වී ඒ ගැන කථා කළ හොත් ඔබෙන් ලත් සතයකුදු මා වෙත නැත. මා දියුණු වී සිටින්නේ කාගේවත් උදව්වකින් නොව මාගේ උත්සාහයෙනැයි කි`යා කළ ගුණ අවලංගු කරයි. ඇතැම් පාපී ශ්‍රමණයෝ ද සාමණේර කාලයේ පටන් සිවුපසය සපයා දෙමින් ලෙඩ දුකට පිහිට වෙමින් අධ්‍යාපනයක් ලබා දෙමින් උපකාර කළ ගුරුවරුන්ගේ ගුණ අමතක කරති. ගුරුවරුන්ගේ උපකාරයෙන් දියුණු වී, මහජනයාගෙන් පුද සත්කාර ලබන, උසස් අයගෙන් සැලකිලි ලබන තත්ත්වයට පැමිණි පසු මා මේ තත්ත්වයට පැමිණියේ කාගේවත් උපකාරයකින් නොව මාගේ නුවණින් මාගේ උත්සාහයෙනැයි කියමින් කළගුණ නසති. මෙසේ කළගුණ අවලංගු කර ගුණ කළ අයගේ සිත් රිදවීම මත් අසත්පුරුෂ කමෙකි. මහත් පාපයෙකි. එහි විපාක වශයෙන් ඇතැම්හු මෙලොවදී ම නැවත පිරිහීමට පත් වෙති, ඇතැම්හු නපුරු රෝග වැළඳී බෝකල් දුක් විඳ ධනයත් අවසන් කර ගෙන මිය යති. මෙහි සත්‍යතාව ලෝකය දෙස විමසිල්ලෙන් බලන්නවුන්ට තේරුම් ගත හැකි වනු ඇත.
තමාට වඩා ගුණයෙන් උසස් අය හා තමා සම කොට ගන්නා ස්වභාවය පලාස නම් වේ. සිල්වත්හු ය, ආරණ්‍යකයෝ ය, පිණ්ඩපාතිකයෝ ය, පණ්ඩිතයෝ ය, කාරුණිකයේ ය, ශාසන සේවකයෝ ය, ශාසන ශෝධකයෝ ය යි කියමින් සිටින අයගේත් අපගේත් ඇති වෙනසක් නැත. ඔවුන්ට කළ හැකි හැම දෙයක් ම අපටත් කළ හැකිය. ඔවුහු ද අප මෙන් මැරෙන්නෝ ය. මරණින් පසු ඔවුනට යාමට අමුතු ලෝකයක් නැත යනාදීන් පලාසය ඇතියෝ ගුණවතුන් හා තමා සම කොට සිතති. සම කොට කථා කරති. එද ඒ ආකාරයෙන් පවත්නා මානය ම ය.
යුගග්‍රාහ (Yugagrāha): තමා සහ වෙනත් අයෙකු සමාන කර (යුගලයක් ලෙස) අල්ලාගෙන, තමා ඉහළින් තබා ගැනීම හෝ අන් අය සමඟ තමාගේ ගතිගුණ සැසඳීමයි.
AN 02-16-03.ඉස්සාමච්ඡරිය සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්:
“ඊර්ෂ්‍යාවද,
මසුරු බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ දෙදෙන වනාහි ඉතා නපුරු
අකුසල ධර්මයෝ වෙත්.”
[5 ඉස්සා 6. මච්ඡරිය
sඅන්‍යයන්ට ඇඳුම් පැලඳුම් ගෙවල් වතු කුඹුරු තනතුරු ආදිය තිබීම නො ඉවසන්නා වූ ද, අන්‍යයන් පූජා සත්කාර ගරු බුහුමන් කීර්ති ප්‍රශංසා ලැබීම නො ඉවසන්නා වූ ද ස්වභාවය ඉස්සා නම් වේ. ඊර්ෂ්‍යා නම් ද වේ. ඊර්ෂ්‍යාව ඇතියහුගේ කැමැත්ත අනුන්ගේ සම්පත්තිය නැති කිරීමට ය. එසේ නො කළ හැකි කල්හි එහි දොසක් බලා සැනසෙයි. ඔහු අනුන්ගේ ලස්සන ඇඳුමෙහි දොසක් දකී. ලස්සන සිරුරෙහි දොසක් දකී. අන්‍ය වස්තූන් හි ද එසේ ම දොස් බලා ඒවායේ දොස් ගැන කථා කොට සැනසෙයි. ඔහු අනුන්ගේ ගෙය අනුන්ගේ වාහනය අනුන්ගේ වත්ත කුඹුර අනුන්ගේ රැකියාව තනතුර කවදා හෝ නැති වේ දෝ යි බලා සිටී. නැති වූ විටෙක ඉමහත් සතුටක් ලබයි. මේ ඊර්ෂ්‍යාව බෙහෙවින් ඇති වන්නේ ගිහියන්ට ගිහියන් ගැනත් පැවිද්දන්ට පැවිද්දන් ගැනත් ය. පැවිද්දකු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන කල්හි තවත් පැවිද්දකුට ඒ ගැන ඊර්ෂ්‍යාව ඇති වේ. ගිහියකුට ඒ ගැන එතරම් ඊර්ෂ්‍යාවක් ඇති නො වේ. මෙය ඇති තැනැත්තාට නො දැනෙන ක්ලේශයෙකි. එබැවින් බොහෝ දෙනා තමන් කාටවත් ඊර්ෂ්‍යා නො කරන බවත් තමාට අන්‍යයන් ඊර්ෂ්‍යා කරන බවත් කියති. ඊර්ෂ්‍යාව මිනිසුන්ට පමණක් නොව තිරිසනුන්ටත් ඇති බව පෙනේ. ප්‍රාණ ඝාතකයාට මස් ලැබේ. සොරාට ධනය ලැබේ. මිථ්‍යාචාරයෙහි යෙදෙන්නාට සුවයක් ලැබේ. බොරු කියන්නාටත් එයින් ප්‍රයෝජන ලැබේ. සුරා පානය කරන්නහුට ද ඉන් සුවයක් ලැබේ. ඊර්ෂ්‍යා කරන්නහුට ඉන් වන යහපතක් නො පෙනේ. එබැවින් ඊර්ෂ්‍යාව ඉතාම ලාමක පාපයෙකැයි ද කිය යුතු ය.
තමාගේ දෙය අනුන්ට හිමි වීමටත් එයින් අනුන්ට සුළු ප්‍රයෝජනයක් වුව ලැබෙනවාටත් විරුද්ධ ස්වභාවය “මච්ඡරිය” නම් වේ. මාත්සර්‍ය්‍ය නම් ද, මසුරු බව නම් ද වේ. මසුරු තැනැත්තේ තමාගේ දෙය අනුන්ට දෙනු තබා අනුන් දකිනවාට ද නො කැමැත්තේ ය. දුටහොත් අනුන් ඉල්ලතියි යන බියෙන් ඔහු නිතර ම තමාගේ සම්පත්තිය සඟවයි. මසුරා ය, ලෝභියා ය යන දෙදෙනා ම නො දෙති. මසුරා නො දෙන්නේ මසුරු බව නිසා ය. ලෝභියා නො දෙන්නේ ලෝභය නිසා ය. මාත්සර්‍ය්‍යය එක් ක්ලේශයෙකි. ලෝභය එයට වෙනස් අන්‍ය ක්ලේශයෙකි. මේ දෙක කිසි කලෙක එක් ව එක සිතක ඇති නො වේ.
අධික මසුරුකම් ඇත්තේ අනුන් දෙනවාට ද නො කැමති ය. ඔහු අනුන් කරන දීම් ද වළක්වයි. අනුන්ගේ දීම් වළක්වන මහ මසුරුකම ‘කදරිය’ නම් වේ. කදරිය නම් වූ මහ මසුරුකම් ඇතියෝ දෙන අයටත් දොස් කියති. අනුන්ගේ දීම් වළක්වන තැනැත්තේ ප්‍රතිග්‍රාහකයාගේ ලාභය නැති කරයි. දායකයා ලබන පින ද නැති කරයි. දීම වැළැක්වීම දෙදෙනකුට අන්තරාය කිරීමකි. එබැවින් එය මහ පාපයකි. එය කරන්නෝ මරණින් මතු නරකයෙහි හෝ ප්‍රේත ව හෝ උපදිති.
න වේ කදරියා දේවලෝකං වජන්ති,
බාලා හවෙ නප්පසංසන්ති දානං,
ධීරෝ ච දානං අනුමෝදමානෝ,
තේනේව සෝ හෝති සුඛී පරත්ථ.
(ධම්මපද – ලෝකවග්ග)
තද මසුරෝ දෙව් ලොවට නො යෙත්.
බාලයෝ දීමට නො පසසන්නාහ.
නුවණැත්තේ ම දීම අනුමෝදන් වන්නේ
එයින් ම ඔහු පරලොව සැප ඇත්තේ ය –
යනු එහි තේරුම ය.
පඤ්ච මච්ඡරියානි ආවාස මච්ඡරියං කුල මච්ඡරියං ලාභ මච්ඡරියං වණ්ණ මච්ඡරියං ධම්ම මච්ඡරියං
යනුවෙන් මච්ඡරිය පසක් දක්වා ඇත්තේ ය. වාසස්ථානය පිළිබඳ මසුරු බව ආවාස මච්ඡරිය නම් වේ. ප්‍රත්‍යය පහසුව ඇත්තා වූ සුවසේ විසිය හැකි ආවාසයක පන්සලක සංඝාරාමයක වෙසෙන භික්ෂුවක් ඒ ස්ථානයට වතින් සම්පූර්ණ අන්‍ය සිල්වත් භික්ෂූන් ගේ පැමිණීමට නො කැමති වේ නම් පැමිණියාහු ද වහා ආපසු යත්වා යි සිතා නම් ඒ ආවාස මච්ඡරිය ය. ස්ථානය දූෂණය කරන කෝලාහල කරන දුශ්ශීල භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම පැමිණියාහු ද වහා යත්වායි සිතීම, එබඳු භික්ෂූන් ස්ථානයෙන් බැහැර කිරීම ආවාස මච්ඡරිය නො වේ. ආවාසයට පැමිණෙන අන්‍ය භික්ෂූන්ට කරදර කරන බණින ධම්මික නමැති භික්ෂුව ජාති භූමියේ ආවාස සතකින්ම නෙරපන ලදුව අන්තිමට වාසස්ථානයක් නොමැති ව පිහිට සොයා බුදුරදුන් වෙත පැමිණි බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වේ. එබඳු භික්ෂූන් ආවාසවලින් බැහැර කිරීම සුදුසු ය.
තමාගේ දායක පවුල්වලට නෑ පවුල්වලට අන්‍ය භික්ෂූන් ගේ පැමිණීම නො කැමති බව කුලමච්ඡරිය ය. මිනිසුන්ගේ ප්‍රසාදය නැති වන පරිදි හැසිරෙන පාප භික්ෂූන්ගේ පැමිණීම නො කැමති වීම කුල මච්ඡරිය නො වේ. අන් භික්ෂූන්ට පැහැදී ඔවුන්ටත් සලකන්නට පටන් ගත හොත් තමාට පාඩුවක් වේ යයි සිතා ගුණවත් භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම ආවාස මච්ඡරිය ය.
අන්‍යයන් සිවුපසය ලබනවාට නො කැමති බව ලාභ මච්ඡරිය ය. යම් භික්ෂුවක් තමන්ට ලැබෙන ප්‍රත්‍යය ඥාති මිත්‍ර ගිහියන්ට දී කුල දූෂණය කෙරේ නම් නො මනා ලෙස පරිභෝග කොට ප්‍රත්‍යය විනාශ කෙරේ නම් තමාට වැඩි හරිය කුණු වී යන්නට දිරා යන්නට හරිනවා මිස ප්‍රයෝජනය ඇතියකුට නො දේ නම් ඒ භික්ෂුවට මේවා නො ලැබී අන් සිල්වත් භික්ෂුවකට ලැබේ නම් යහපතැයි සිතීම ලාභ මච්ඡරිය නො වේ.
ශරීර වර්ණය හා ගුණ වර්ණය පිළිබඳ මසුරු බව වණ්ණ මච්ඡරිය වේ. ශරීර වර්ණ හෙවත් රූප ශෝභාව පිළිබඳ මසුරු තැනැත්තේ අන්‍යයන්ගේ රූප ශෝභාව කියනු ඇසීමට නො කැමති වේ. තෙමේ ද නො කියයි. ගුණ වර්ණයට මසුරු තැනැත්තේ අනුන්ගේ ශීලාදි ගුණ ගැන කියනු ඇසීමට නො කැමති වේ.
තමා දත් ධර්මය අන්‍ය භික්ෂූන් දැන ගන්නවාට නො කැමති බව ධර්ම මච්ඡරිය නම් වේ. පර්යාප්ති ධර්මය, ප්‍රතිවේධ ධර්මය යි ධර්මය දෙ පරිදි වේ. ප්‍රතිවේධ ධර්මය යනු මාර්ගඵල නිර්වාණයෝ ය. ඒවා ඇත්තේ ආර්‍ය්‍යයන්ට ය. ආර්‍ය්‍යයන්ට ඒවා ගැන මසුරු බවක් නැත. ඔවුහු තමන් ප්‍රතිවේධ කර ඇති ධර්මය ලොව සැම දෙන ම ප්‍රතිවේධ කරනවාට කැමැත්තෝ ය. ඇතැම් පෘථග්ජන භික්ෂූහු තමන් දැන සිටින ගැඹුරු ධර්මය අන් භික්ෂූන් දැන ගන්නවාට අකමැති ය. ඔවුහු ඒ ධර්ම අන් භික්ෂූන් ඇසුව ද නො කියති. එය ධම්ම මච්ඡරිය ය. තමාට වන වාසි අවාසි අනුව කලින් කල එක එක අතට හැරෙන කලකට පැවිදි වන කලකට ගිහි වන කලකට තාපස වන කලකට ක්‍රිස්තියානි වන ලාමක පුද්ගලයෝ වෙති. එබඳු ලාමක පුද්ගලයන් සියුම් වූ ගැඹුරු වූ ධර්මය උගතහොත් ඒ ධර්ම තමාට වාසි වන පරිදි තමා කැමති පරිදි තේරුම් කොට අවුල් කරන්නාහ. එබන්දන්ට ධර්ම නො දීම ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම් පාපී පුද්ගලයෝ සියුම් වූ ගැඹුරු වූ ධර්මයන් උගෙන ඒ මගින් තමන්ට නැත්තා වූ ලෝකෝත්තර ගුණ ප්‍රකාශ කොට නැසෙන්නාහ. එවැනි අයට ඔවුන්ගේ යහපත සලකා ධර්මය නො දීමත් ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම්හු ධර්මය අවුල් කිරීම අවලංගු කිරීම පිණිස ම ධර්මය දැන ගැනීමට උත්සාහ කරති. ඔවුන්ට ධර්මය නො දීම ද ධම්ම මච්ඡරිය නො වේ. බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකයා ගේ යහපත පිණිස සෑම දෙනාට ම දැන ගැනීම පිණිස දේශනය කර ඇති ධර්මය හැකි තාක් ලෝකයෙහි පැතිරවිය යුතුය. එය සැඟවීම ඉතා ලාමක ය. එබැවින් :-
“ඉමේසං කෝ පඤ්චන්නං
මච්ඡරියානං එතං පතිකුට්ඨං
යදිදං ධම්මමච්ඡරියං”
යනු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.
මච්ඡරියේ විපාක දම්සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත.
ආවාස මච්ඡරියෙන් යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ වී, ඒ ආවාසයේ කසළ හිස තබා ගෙන හැසිරෙන්නේ ය. කුල මච්ඡරියෙන් තමාගේ දායකයන් නෑයන් අන්‍යයන්ට සත්කාර කරනු දක්නා කල්හි සිත උණු වී ලේ වමනය, ලේ පාචනය වන්නේ ය. ලාභ මච්ඡරියෙන් සංඝයාගේ ගණයාගේ ලාභයත් පුද්ගලික දේවල් මෙන් පරිභෝග කොට යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ පිඹුරකු හෝ වන්නේ ය. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප ව උපදී. ධම්ම මච්ඡරියෙන් උපනුපන් ජාතිවල මෝඩයෙක් වේ.
තවත් ක්‍රමයක් මෙසේ ය. ආවාස මච්ඡරියෙන් ලොහොකුඹු නරකයෙහි උපදී. කුල මච්ඡරියෙන් අල්පලාභී වේ. ලාභ මච්ඡරියෙන් ගූථ නරකයෙහි උපදී. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප වේ. ධම්ම මච්ඡරියෙන් කුක්කුල නරකයෙහි උපදී. (අත්ථසාළිනි 315)
AN 02-16-04. මායාසාඨෙය්ය සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්:
“මායාවද,
කෛරාටික බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ දෙකද ඉතා භයානක අකුසල ධර්මයෝ වෙත්.”
[මායා:
පව්කම් කොට ඒවා සඟවන ස්වභාවය මායා නම් වේ. ඇතැම්හු තුමූ ම අනුන්ගේ බඩු සොරකම් කර හිමියා වෙත ගොස් ශෝකය පළ කෙරෙති. නැති වූ බඩු සෙවීමට සහාය වෙති. මේ මායාව ය. ඇතැම් පැවිද්දෝ ද තමන් කරන ලද වරද වසා ගැනීම සඳහා මහත් සංවරයක් දක්වති. වත් පිළිවෙත් කරති. මල් පහන් පුදති. ඒවායේ ආදීනව කියා දහම් දෙසති. අන්‍යයන් වරද කිරීම ගැන ශෝකය පළ කරති. බුදු සසුන බබලවන්නට සිල්වතුන් ඇති කරන්නට කථා කරති. මේ මායා කාරයන්ගේ ස්වභාවය ය. මායාවට බොහෝ දෙනා රැවටෙන්නාහ.මායාකාර මායාකාර තවුසකු ගැන ඇති ජාතක කථාවක් මෙසේ ය:-
අතීතයේ එක් ගමක් ඇසුරු කරමින් කූට තවුසෙක් විසීය. ඔහුගේ ඉරියව් දැක ඔහු කෙරෙහි පැහැදුණු ගම් වැසියෙක් ඔහුට වනයෙහි පන්සලක් සාදා දී එහි වාසය කරවා තමාගේ ගෙහි ම ඔහුට ප්‍රණීත භෝජනයෙන් උපස්ථාන කෙළේය. මේ වැසියා කූට තාපසයා මහ සිල්වතෙකැයි සිතා තමා වෙත තුබූ රන්කාසි සියයක් ආරක්ෂාව සඳහා කූට තවුසාගේ අසපුවට ගෙන ගොස් පොළොවෙහි වළලා “ස්වාමීනි, මෙය බලාගන්නය”යි කීය. “පින්වත, පැවිද්දන්ට මෙවැනි කරුණු කීම නුසුදුසු ය. අපට අන් සතු වස්තුවෙහි ලෝභයක් නැතය”යි තවුසා කීය. ගම් වැසියා “එසේය ස්වාමීනි” යි කියා ඔහුගේ කීම විශ්වාස කොට පෙරළා ගියේය. දින කීපයකට පසු කූට තවුසා “මට වූයේ ගජ වාසියෙක, මේ මුදල මටසැපසේ ජීවත් වන්නට සෑහෙන්නේ ය” යි බිම කැණ රන්කාසි සියය ගෙන වනයේ අන් තැනක සඟවා එදින පන්සලට වී සිට පසු දින ගම් වැසියාගේ නිවසට ගොස් ඔහු පිළියෙල කර තුබූ ප්‍රණීත භෝජනය බඩ පුරා වළඳා දායකයාට කථා කොට, “පින්වත, අප ඔබ නිසා බෝ කලක් වාසය කර ඇත්තේ ය. වැඩි කල් එක් තැන විසීම පැවිද්දන්ට නුසුදුසු ය. එසේ විසීමෙන් ගිහියන් හා බන්ධනයක් වන්නේ ය. එය පැවිද්දට කිලුටෙක. එබැවින් මම අන් තැනකට යෙමි”යි කීය. ගම් වැසියා නො යන ලෙස නැවත නැවත යාච්ඤා කළ නමුත් තවුසා එය ප්‍රතික්ෂේප කෙළේය. එකල්හි ගම්වැසියා තවුසා පිටත් කොට ගම් දොර දක්වා පසු ගමන් කොට පෙරළා ආයේය. කූට තවුසා මඳක් දුර ගොස් ගම්වැසියා වැඩි දුරටත් රවටන්නට සිතා ජටාවෙහි තණපටක් රඳවා ගෙන ඒ නිවසට නැවත ද ආයේ ය. ගම්වැසියා තවුසා දැක “ස්වාමීනි, කුමට පෙරළා වැඩම කළ සේක්දැ”යි ඇසූ කල්හි “පින්වත, ඔබගේ නිවසේ පියැස්සෙන් එක් තණපතක් මාගේ ජටාවෙහි රැඳී තිබුණේ ය. සුළු වූ ද අන් සතු දෙයක් ගෙන යාම පැවිද්දන්ට නුසුදුසු බැවින් එය ගෙන ආමි”යි කීය. ගම්වැසියා “ස්වාමීනි, තණපත විසි කර යනු මැනවැ”යි කියා මාගේ තාපසයන් වහන්සේ තණපතක් පමණ වූද, අන්සතු වස්තුවක් නො ගනිතියි වඩාත් පැහැදී වැඳ තවුසා පිටත් කෙළේය.
බෝසතාණන් වහන්සේ බඩු සෙවීම පිණිස ප්‍රත්‍යන්තයට ගියාහු එදින ඒ ගෙයි නවාතැන් ගෙන සිටියහ. උන්වහන්සේ ඒ ක්‍රියාව දැක සැක සිතී “යහළුව, ඔබ මේ තවුසා වෙත කිසි ධනයක් තබා ඇත්තේ දැ”යි අසා එසේය යි කී කල්හි වහා ගොස් විමසන්නය යි කීහ. ගම්වැසියා වහා ගොස් බලා රන් කාසි සියය නො දැක වහා අවුත් ඒ බව බෝසතාණන්ට කීය. එකල්හි බෝසතාණෝ “ඔබගේ මුදල් ගත්තේ අනිකකු නොව මේ කූට තවුසා ම ය. වහා ගොස් ඔහු අල්ලා ගෙනෙවු”ය යි ගම්වැසියන් කැඳවා ගෙන ලුහුබැඳ ගොස් තවුසා අල්ලා තවුසාට අතින් පයින් තළා රන් කාසි ලබා ගත්හ. බෝසතාණෝ මතු එබඳු පව්කම් නො කරන ලෙස අවවාද කොට තාපසයා පිටත් කළහ. මායා කාරයෝ ඒ කූට තවුසා වැන්නෝ ය.
ලාභ සත්කාරාශාවෙන් තමා තුළ නැති ගුණ ඇති ලෙස හැඟවීම සාඨෙය්‍ය නම් වේ. දුශ්ශීලව හිඳ සිල්වතකු බව හඟවන ස්වභාවය, ගමෙහි වෙසෙමින් ආරණ්‍යකයකු ලෙස හඟවන ස්වභාවය, ශ්‍රද්ධාව නැති ව ශ්‍රද්ධාව ඇතියකු ලෙස හඟවන ස්වභාවය, උගතකු නොවී උගතකු ලෙස හඟවන ස්වභාවය, පෘථග්ජනව සිට ආර්‍ය්‍යයකු ලෙස හඟවන ස්වභාවය සාඨෙය්‍ය නම් ක්ලේශය ය. මායා සාඨෙය්‍ය යන මේ දෙක තරමක් එකිනෙකට සමාන ය. ධ්‍යානාභිඥා මාර්ග ඵල යන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන්තමා කෙරෙහි නැතිව ඇතය යි පැවසීම ඉතා ම නපුරු පාපයෙකි.
සදේවකෙ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්රහ්මකේ සස්සමණ-
බ්රාහ්මණියා පජාය සදේවමනුස්සාය
අයං අග්ගෝ මහා චෝරෝ යෝ අසන්තං
අභූතං උත්තරී මනුස්සධම්මං උල්ලපති.
(පාරාජිකා පාලි)
මහණෙනි, යමෙක් තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය ඇතැයි පවසා නම් හෙතෙමේ දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්රමණබ්රාහ්මණයින් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයෙහි අග්‍ර වූ මහා චෞරයාය යනු එහි තේරුම ය.]
[සාඨෙය්‍ය
තමා කෙරෙහි අවිද්‍යමාන ගුණ ඇති සේ දක්වන්නා වූ ද, සමහර භාණ්ඩවල බඩුවල නැති ගුණ, නැති ස්වභාවයන් දක්වන්නා වූ ද, එක් අදහසකින් කරන ක්‍රියාවක් අනිකක් පිණිස කරන්නා වූ දෙයක් සේ දක්වන්නා වූ ද කෛරාටික භාවය සාඨෙය්‍ය නමි. රවටන ස්වභාවයයි ද එයට කියනු ලැබේ. ධර්ම වශයෙන් කෛරාටික බවය යනු පව් කිරීමෙහි උපාය සිතීම් වශයෙන් පවත්නා වූ ප්‍රඥාවක් නොවූ ප්‍රඥා ප්රතිපරූපක මෝහය යි. මෙය ප්‍රඥාවට සමාන වන බැවින් පරමාර්ථ ධර්මයන්ගේ විශේෂ විභාග නොදන්නෝ ප්‍රඥාව යයි කියති. නමුත් කෛරාටික බව ප්‍රඥාව නොවේ. කිසිවක් ආවරණය කරන ස්වභාවයක් ප්‍රඥාවෙහි නැත. කෛරාටිකයාට ඒ ඒ පව් සිදු කිරීමේ උපාය පෙනෙනුයේ, වඤ්චාවෙහි හා වඤ්චාවෙන් කරන්නට යන පාප කර්මයාගේ ද ආදීනව වසාගෙනය. ඒ ආදීනව පක්ෂය මුවාවන්ට වන්නට පව් කිරීමේ උපාය වඩ වඩා වැටහෙන්නේ ය. මෙසේ ආදීනව පක්ෂය වැසීම ඇති නිසා කෛරාටික බව ප්‍රඥාව නොව මෝහය ම යයි දතයුතු. කෛරාටික බව වූ වඤ්චක ස්වභාවය ඒකාන්ත කුශලයකි. කුශල සිත් සියල්ලෙහි ම ඒ ඒ සිත්වල හා සම්ප්‍රයුක්ත චෛතසිකයන්ගේ ද වංක බව දුරු කොට සෘජු බව සිදුකරන්නා වූ කායුජුකතා, චිත්තුජුකතා චෛතසිකයෝ ඇතහ. ඒ දෙකින් වියුක්ත වූ එකද කුශල් සිතක් නැත. කෛරාටික කම වනාහි අවංක බව නොව වංක බවයි. එබැවින් එය කිසි කලෙක කුශලයක් විය නොහේ. අකුශලයක් වුවහොත් එය ඒකාන්තයෙන් මෝහයෙන් යුක්ත වෙයි. මෝහයෙන් වෙන්ව උපදනා අකුශල සිතක් නැති බැවිනි. අන්‍යොන්‍ය විරුද්ධ වූ මෝහ ප්‍රඥා දෙක කිසිකලෙක එක් සිතෙක නො යෙදේ. එබැවින් කෛරාටික බව අකුසලයක් වීමෙන් ද ප්‍රඥාන නොව, මෝහය ම බව දත හැකි ය.
කෛරාටි බව වූ මේ මෝහය සිත්හි හටගත් කල්හි සිතට බබළන්නට නො දෙයි. අඳුරු කරයි. එබැවින් එය චිත්තෝපක්ලේශයකි. මෙයින් සිත අඳුරු වීම කොතරම් ද කියතහොත්, මෙය සිත්හි හටගත් කල්හි පාපයෙහි ආදීනවය සම්පූර්ණයෙන් වැසීමෙන් ඒ පුද්ගලයා මම කිසිවකුට නොරැවටෙමිය, කිසිවකුගේ ගැටයකට උගුලකට අසු නො වෙමිය, නමුත් මට නම් අන්‍යයන් රැවටිය හැකි ය. ගැටවලට අසු කළ හැකිය කියා ආඩම්බර ද වෙයි.
නැති ගුණ දක්වන කෛරාටිකයෝ ආඳුන් වැනි වෙති. ආඳුන්ගේ හිස් සර්පයන්ගේ හිස් වැනිය. වල්ගය මසුන්ගේ වැනිය. ඌ සර්පයන් දුටු කල්හි වල්ගය සඟවා හිස දක්වා සර්පයකු බව අඟවන්නේ ය. මසුන් දුටු කල හිස සඟවා ඔවුන්ට වල්ගය දක්වා තමා ද මසකු බව අඟවන්නේ ය. එසේ ම කෛරාටිකයෝ අනිකකුගෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබනු රිසි වූ කල්හි ඒ තැනැත්තා කරා ගොස් අන්‍යයන්ගේ නුගුණ කියා ඔහුගේ ගුණ කියා තමාගේ නැත්තා වූ පක්ෂ බව හිතවත් බව පවසා සිත් ගෙන ප්‍රයෝගයෙන් තමාගේ කටයුත්ත සිදු කර ගනිති. නැවත පළමු අගුණ කී තැනැත්තා වෙත ගොස් ඔහුගේ ගුණ කියා අනික් තැනැත්තාගේ අගුණ කියා ඔහුට පක්ෂපාත බව හා හිතවත් බව දක්වා එතනින් ද තමාගේ අදහස් සිදු කර ගනී.
ඇතැම් කෛරාටිකයෝ තමා කෙරෙහි නැත්තා වූ සිල්වත්කම් ආදි තමා කෙරෙහි නැති ගුණ දක්වා ලොව මුළා කරවති. එසේ කරනුවන් බොහෝ සෙයින් ඇත්තේ පැවිද්දන් අතරය. ඔවුහු මිනිසුන් මුළා කරවා ලාභ ලබනු පිණිස පරණ දුර්වල සිවුරු දැරීම්, සුවපහසු නැති අසුන්වල විසීම්, කැපවූ ද ඇතැම් වස්තූන් පරිභෝග නො කිරීම්, අනුන්ගේ අගුණකීම් ආදියෙන් තමන් අන්‍යයන්ට වඩා සිල්වත් බව ලොවට අඟවති. ඇතැමෙක් වඩ වඩා ප්‍රත්‍යය ලබන අටියෙන් දායකයන් විසින් යම්කිසි දෙයක් පුදන්නට යන විට ඕවා හොඳ වැඩිය, ඕවා සිල් රක්නවුන්ට ඕනෑ නැත. ඕවා ලෝභය වැඩි කරන දේවල්ය යනාදීන් කියා ප්‍රතික්ෂේප කිරීමෙන් තමාගේ ගුණවත් බව අඟවති.
… වංචක ධර්ම ..]
AN 02-16-05. අහිරිකානොත්තප්ප සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්:
“පාපයට ලජ්ජා නැති බවද,
පාපයට භය නැති බවද
යන මේ දෙදෙනයි.
“මහණෙනි,
මේ දෙක හැරගතයුතු අකුසල ධර්මයෝ වෙත්”
[පාපය අසූචිය සේ පිළිකුල් දෙයකි. පව් කිරීම මුහුණෙහි අසූචි තවරා ගැනීම වැනි ලැජ්ජා විය යුතු දෙයකි. එසේ වූ පාපය පිළිකුල් නො කරන පව් කිරීමට ලැජ්ජා නො වන ස්වභාවය අහිරික නම් වේ. පාපය උසස් දෙයක් කොට සැලකීම, පව්කිරීම සම්මානයට සුදුස්සක් කොට සැලකීම අහිරිකය ය. මෙලොව පරලොව දෙක්හි ම අනිෂ්ට විපාක ලැබෙන දෙයක් බැවින් පාපය බිය විය යුත්තකි. පාපයට බිය නො වන ස්වභාවය අනොත්තප්ප නම් වේ. පව් කිරීම වික්‍රමයක් කොට සැලකීම අනොත්තප්පය ය. අහිරික අනොත්තප්ප යන මේ චෛතසික ධර්ම දෙක ඔවුනොවුන්ගෙන් වෙන් නොවූ සැම කල්හි ම එක්ව එක සිතක ඇතිවන ධර්ම දෙකකි. මේ දෙක අකුසලකරණයට ඇති මහා බල දෙක ය. මේ බල දෙක නැතිනම් පිළිකුල් කළ යුතු බිය විය යුතු අකුශලයන් නො කළ හැකි ය. ප්‍රාණවධය ලජ්ජා විය යුතු පාපයෙකි. එය කළ හැකි වන්නේ අහිරික අනොත්තප්පයන්ගේ බලයෙනි. මිනී මැරීම ඉතා භයානක පාපයෙකි. ඇතැමුන් එය කරන්නේ අහිරික අනොත්තප්පයන්ගේ බලයෙනි. මිනීමරුවන් හා මෙපමණ මිනිසුන් මරා ඇත්තේ ය යි ආඩම්බර වන්නේ නිර්භීත භාවය පවසන්නේ අහිරික අනොත්තප්ප බලයෙනි. පිළිකුල් කළ යුතු බිය විය යුතු සොරකම් කරන්නේ ද, පරදාර සේවනය කරන්නේ ද, බොරු කියන්නේ ද, සුරාපානය කරන්නේ ද, අහිරික අනොත්තප්ප බලයෙන් ම ය. අහිරික අනොත්තප්ප දෙකට විරුද්ධ හිරි ඔත්තප්ප නම් වූ කුශල පක්ෂයට අයත් ධර්ම දෙකක් ඇත්තේ ය. “ද්වේ මේ භික්ඛවේ ඡ ධම්මා සුක්කා ලෝකං පාලෙන්ති. කතමේ ද්වේ හිරී ච ඔත්තප්පං ච” යනුවෙන් හිරි ඔත්තප්ප ධර්ම දෙක ලෝකය පාලනය කරන ධර්මයෝ ය යි වදාරා ඇත්තේ ය. ලෝකය රැකෙන්නේ හිරි ඔත්තප්ප දෙකෙනි. මිනිසුන් අතර ඒ ධර්ම දෙක නැති නම් මාපියන් දූදරුවන් සහෝදර සහෝදරියන් වෙනසක් නැතිව හැසිර මිනිස් සමූහයත් තිරිසනුන් වන්නාහ. ඒ දේශනය අනුව අහිරික අනොත්තප්ප යන මේ ධර්ම දෙක ලෝකනාශක ධර්මයයි කිය යුතුය.
හිරිඔත්තප්ප සම්පන්නා – සුක්කධම්ම සමාහිතා.
සන්තෝ සප්පුරිසා ලෝකේ – දේවධම්මානි වුච්චරේ.
(ජාතකපාලි)
යනුවෙන් හිරි ඔතප් දෙක දේවධර්මය යි වදාරා ඇත්තේ ය.
ඒ අනුව අහිරික අනොත්තප්ප දෙක තිරශ්චීන ධර්මය යි කිය යුතු ය.
ඒ ධර්ම දෙක ඇති බැවින් තිරිසනාට වළකින්නට දෙයක් නැත.
කිනම් නීච ක්‍රියාවක් වුවද තිරිසනාට කළ හැකි ය.
අජේගුච්ඡ අහිරිකෝ – පාපා ගූථාව සූකරෝ
අහීරු ච අනොත්තප්පී – සලහෝ විය පාවක.
ගූථය පිළිකුල් නො කරන සූකරයා මෙන් අහිරිකයා පාපය පිළිකුල් නො කරන්නේ ය. පළඟැටියා ගින්නට බිය නො වන්නාක් මෙන් අනොත්තප්පය ඇත්තේ පාපයට බිය නො වන්නේ ය.
අහිරික අනොත්තප්ප නමැති ලෝක නාශක තිරශ්චීන ධර්ම දෙක හිරිඔතප් නමැති ලෝකපාලක බල ධර්ම දෙක ඇති කර ගැනීමෙන් දුර ලිය යුතුය. ජාතිය වයස ශූරභාවය උගත්බව යන මේ කරුණු සලකා අහිරිකය දුරු කළ හැකිය. මේ පව් කිරීම වැදි කෙවුල් සැඩොල් ආදීන්ට මිස මා වැනි ජාතිසම්පන්නයකුට නුසුදුසුය යි සැලකීමෙන් හිරිය ඇතිවී අහිරිකය දුරු වේ. මේ පව් කිරීම කොල්ලන් කෙල්ලන්ට මිස මා වැනි වෘද්ධයකුට නුසුදුසුය යි වයස සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීම කිසිවකට සමත් කමක් නැති අවාසනාවත් පුද්ගලයන්ට මිස දැහැමින් ජීවත් වීමට සමත් මා වැනියන්ට නුසුදුසුය යි ශූරභාවය සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව්කම් කිරීම අඥයන්ගේ ක්‍රියාවෙක, මා වැනි පණ්ඩිතයකු උගතකුට පව් කිරීම නුසුදුසු ය යි උගත් බව සැලකීමෙන් ද හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීමෙන් මෙ ලොව සිදු විය හැකි සත්පුරුෂයන් විසින් බැහැර කරනු ලැබ බොහෝ ජනයාගේ පිළිකුලට භාජනවීම, අපකීර්තිය පැතිරීම, දඬුවම් ලැබීම යන මේවාත් මරණින් මතු අපාගත වීමත් සැලකීමෙන් ඔත්තප්පය ඇති වී අනොත්තප්පය දුරු වේ.
AN 02-16-06. අක්කොධ නුපනාහ සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“අක්රෝධයද,
බද්ධ වෛර නොකිරීමද
යන මේ දෙදෙනයි.
“මහණෙනි,
මේ දෙකද ඉතා උතුම්
කුසල ධර්මයෝ වෙත්.”
[” අක්කොධ නං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළු වනාරාමයේ වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එදින සැරියුත් තෙරුණුවෝ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග පිඩු පිණිස හැසිරෙමින් නාලක ගමේ මවගේ ගේ දොරට වැඩම කළහ. අනතුරුව ඇය වාඩිකරවා දානය බෙදමින් ආක්‍රෝෂ කළාය. අනුන්ගේ ඉඳුල් බත් කන්නා කැඳ බොන්නා, අනුන්ගේ ගෙවල්වලින් හුනුසහල්වලින් සෑදු කැඳ බොන්නට ඉඳුල් බත් කන්නට අසූ කෝටියක් ධනය අත්හැර පැවිදි වූයේය. ඔබ විසින් පරිභෝග කළ යුතු දෑ නසන ලදී භික්ෂූන්ට ද බත්දෙමින් තොප විසින් මගේ පුතා තමන්ගේ සුළු උපාසක කරන ලදී දැන් අනුභව කරන්නැයි කියයි. තෙරුන් වහන්සේ භික්ෂාව ලබාගෙන විහාරයටම වැඩම කළහ. ඉක්බිති ආයුෂ්මත් රාහුල තෙරණුවෝ බුදුන් පිණ්ඩපාතයෙන් විමසුහ. අනතුරුව බුදුහු මෙසේ පැවසුහ. රාහුල කොහි ගියේද? ආර්යයන් වහන්සේගේ නිවසට ගියෙමි. ඔබේ ආර්යයන් කවුද? උපාධ්‍යයන් වහන්සේ ගැන කීවෙමි. ආර්ය උපාධ්‍යායන් වහන්සේ කිපුනේ නැත. කුමක් කියාද? මේ දෙය කියන ලදී උපාධ්‍යයන් සමග ඔබ කුමක් කීවේද, කිසිවක් නැත. ස්වාමීනි. මෙය අසා භික්ෂූන් ධර්ම සභාවේ කථාවක් ඇති කළහ. ඇවැත්නි සැරියුත් තෙරුන්ගේ ගුණ මෙලෙස උන්වහන්සේගේ මෑණියන් ආක්‍රෝශ කරන විට ක්‍රෝධ මාත්‍රයක් හෝ නොවීය. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි ! රහතන් වහන්සේලා නම් ක්‍රෝධයෙන් තොර යයි පවසා මෙම ගාථාව පැවසුහ.
දුතඟදර සිල්වත්
නොකිපෙන කෙනා ගුණවත්
දරණ අන්තිම අත්
ඔහුම බමුණෙකුවේය දැනුවත්
නොකිපෙන සුළු වූ ධෘතාඞග වෘත ඇති සිල්වත් වූ. තෘෂ්ණ ස්නේහයෙන් තෙත් නොවු දැමුන තැනැත්තා ශරිර ඇති තැනැත්තා මම බ්‍රාහ්මණයයි කියමි.
එහි වතවත්තං ධුතඞ්ග ගුණවලින් සමන්විත වූ,
සිව්පිරිසිදු ශීලෙන් යුතු සීලවන්තං –
තණ්හා ස්නේහයෙන් තෙත් නොවූ,
අනුස්සුතං සය ඉඳුරන් දමනය කළ
දන්නං සසර කෙළවර අන්තිම ආත්මභාවයේ සිටි,
අනතිමතං සාරීරං තං අහං බ්රාහ්මණං
ඔහු බ්‍රාහ්මණයා යයි මම කියමි. ]
බද්ධ වෛරය
කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකි ය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ අල්ලා හිටින දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරය යි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.
ජීවිතය විනාශ කරන්නට තරම් හේතු වන සිතිවිලි අතර තරහව ප්‍රධානයි. තමන්ට විතරක් නොවෙයි, එය සමාජයීය වශයෙනුත් ඇති කරන්නේ අහිතකර බලපෑමක්. එම ආවේගකාරී හැඟීම් ඇති වූ වහාම පාලනය කර ගත යුතු වන්නේ ඒ නිසයි. තරහ සිතිවිලි පාලනය කර ගැනීමට සම්බුදු දහමෙහි එන ඉගැන්වීම් ඉතා සුවිශේෂී යි. වචනයට සීමා නොකොට ජීවිතයට ප්‍රායෝගික ව ගළපාගත හැකියි.
සිතිවිලි හඳුනාගැනීම
තරහව පාලනය කර ගන්නට නම්, පළමුව තමන්ගේ සිතිවිලි හඳුනාගත යුතුයි. මට මේ ඇවිත් තියෙන්නේ තරහක් ද? ද්වේෂ සිතක් ද? යන්න පළමුව දැන ගන්න. ඉන්පසු එහි ආදීනව, ඵල විපාක ගැන අවබෝධයක් ඇති කරගන්න. (සදෝස චිත්තංති පජානාති)
ඒ අනුව, තරහ නැති කර ගැනීම සඳහා සිතේ කැමැත්තක් ඇති කරන්න ගන්න (ඡන්දං ජනේති)
ඒ සඳහා වෑයම් කරන්න (වායමතී)
වීර්යය ආරම්භ කරන්න (විරියං ආරභතී)
නෑ මං කේන්ති ගන්නෙ නෑ යනුවෙන් සිත තද කර ගන්න (චිත්තං පග්ගන්හාති)
කෝපය හෙවත් තරහව ආකාර දෙකකි.
ඒ සාමාන්‍ය කෝපය සහ ක්ෂණික කෝපය යි. කෝපය පදනම් කරගෙන ඇති වන්නේ වෛරය යි.
වෛරය ද ආකාර දෙකකි.
සාමාන්‍ය වෛරය සහ බද්ධ වෛරය යනුවෙනි.
කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකි ය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ අල්ලා හිටින දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරය යි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.
තරහ දුරු කර ගන්නා ආකාරය පිළිබඳ ව අංගුත්තර නිකායේ එන ආඝාතපටිවිනය සූත්‍රය තුළ විස්තර කෙරේ. ආඝාතය යනු කෝපය යි. පටිවිනය යනු දුරු කිරීම යි. ඒ අනුව ආඝාතය හෙවත් තරහව පුද්ගලයා ඇති කර ගන්නා ආකාර පිළිබඳ ව පළමුව දක්වයි. එනම් යමෙක් මට අනර්ථයක්, අයහපතක් කළා යැයි කෝපය ඇතිකර ගනී. යමෙක් මට අනර්ථයක් කරනවා යැයි වර්තමානය පිළිබඳ කෝපය ඇතිකර ගනී. එසේම අනාගතයේ දී අනර්ථයක් කරන්නේ යැයි සිතා කෝපය ඇතිකර ගනී. මීට අමතර ව තමන්ගේ මිතුරාට සහෘදයාට අහිතක් කළේ යැයි ද තරහව ඇතිකර ගනී.
මේ අනුව කරුණු 5 ක් පදනම් කරගෙන තමන් තුළ ගොඩ නැගුනු ද්වේෂය දුරු කර ගන්නා අන්දම මෙසේ දක්වයි.
(i). ඒ තරහව ඔබ තුළ ඇති කළේ යම් පුද්ගලයකු නම් ඔහුට, ඇයට මෛත්‍රී කරන්න.
ඔහු, ඇය කෙරෙහි කරුණාව ඇති කර ගන්න.
(ii). ඒ පුද්ගලයා පිළිබඳ මැදහත් සිතින් සිතන්න.
(නිදසුනක් ලෙස ඔබ පිළිබඳ ව වැරැදි දෙයක් ඔබේ හිතවතකු විසින් ඔබේ ප්‍රධානියාට පවසා ඇතැයි සිතමු. එවිට ඔබ තුළ තදබල කෝපයක් හට ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් මේ විදිහෙ යටිකූට්ටු වැඩ කිරීම, කේලාම් කීම මනුෂ්‍ය ස්වභාවයක්. ඒක ඒ මනුෂ්‍යයාගේ දුර්වල කමක්. ඒ නිසා මං ඒ ගැන කලබල වෙන්න ඕන නෑ යනුවෙන් මැදහත් සිතින් සිතීමට පුරුදු පුහුණු විය යුතු ය.)
(iii). යම් පුද්ගලයකු ඔබ තුළ තරහක් ඇති කළේ නම්, ඒ පුද්ගලයා සහ එම කාරණය පිළිබඳ මෙනෙහි කිරීමෙන් වැළකී හිඳීන්න. බොහෝ විට අප කරන්නේ ඒ ගැන සිත සිතා හීල්ලීම, හිතවතුන්ට පවසමින් කෝපය තව තවත් වර්ධනය කර ගැනීම ආදිය යි. එහෙත් ඔබට ඒ පුද්ගලයා පිළිබඳ යළි යළිත් මෙනෙහි වන්නේ නම්, සහ ඒ හැම විටම කෝපය අලුත් වන්නේ නම් ඔබ කළ යුත්තේ ඒ පුද්ගලයාට මෛත්‍රී කිරීමයි. කරුණාවක් ඇති කර ගැනීම යි. උපේක්ෂාව ඇති කර ගැනීම යි.
(iv). එය ඒ පුද්ගලයාගේ කර්ම ස්වභාවය යැයි සිතා අනුකම්පා කිරීම යි. මේ පුද්ගලයා මෙසේ මා අමනාපකරවන ලෙස හැසිරුනේ ඔහුගේ වරදකින් නොවේ. ඔහුගේ සසර කාරයන්ට අනුව ඔහු හැසිරෙන නිසාය. ඔහු කරන යහපත් කාර්ම නිසා ඔහු අනාගතයේ දිනක යහපත් ලෙස හැසිරෙනු නිසැකය.
(v). මොහු ගැන තරහ ඇතිකරගත්තොත් ඔහුට වන හානියක් නැත. ඔහු ඒ නිසා මින් මතු මට තරහ නොඑන ලෙස හැසිරෙන්නේ නැත. මේ තරහව නිසා හානිවන්නේ මට මය. ගිනිගත් පන්දමින් අනෙකුකට ගසන්නට තැත්කලොත් මගේ අතම පිළිස්සෙයි. එනිසා මා තරහ ගැනීම අනුවණ අන්ධබාල ක්‍රියාවකි.
මේ ආකාරයට කටයුතු කරන විට ඔබ තුළ තරහ හට ගැනීම, කෙන්තිය හටගැනීම වැළකී යයි.
අං.නි. සත්තක නිපාතයේ කොධන සූත්‍රයේ දක්වන පරිදි කේන්තිය, කෝපය නිසා ඇතිවන ආදීනව හතකි. “සත්තිමෙ භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත.
ඉධ භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති. අහො වතායං දුබ්බණ්ණො අස්සාති. තං කිස්ස හේතු. න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති… (අං.නි. සත්තක නිපාත, දුතිය පණ්ණාසක, අබ්‍යාකතවග්ග, කොධන සුත්ත, (බු. ජ. මු.), 418). එනම්,
හොඳීන් පිරිසුදුව සහ හොඳීන් ඇඳ පැළඳ සිටිය ද පුද්ගලයා අප්‍රසන්න බවයි. සිනිඳු සහ සැප පහසු සෝපාවක සයනය කළ ද පුද්ගලයා වේදනාවෙන් පෙළෙයි. හොඳ සඳහා නරක සහ නරක සඳහා හොඳ වරද්දා ගනිමින් සැලකිල්ලෙන් සහ සිහිකල්පනාවෙන් කටයුතු නොකර හානිය සහ දුක්විඳීම ඇතිවන දේ කරයි. මහන්සි වී උපයා ගත් ධනය නැති කර ගනී. නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වීමට ද ඉඩ ඇත.ක්‍රියාශූර ව ලබා ගත් කීර්තිය සහ යසස අහිමිකර ගැනේ. නෑදෑයින් සහ පවුලේ උදවිය ඒ පුද්ගලයාමඟ හරිති, ඔහුගෙන් ඈත් වෙති. අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කය, වචනය සහ සිත මඟින් අකුසල ක්‍රියා කෝප වූ පුද්ගලයා කරන හෙයින් මරණයෙන් මතු දුගතියක ඉපදෙයි.යථෝක්ත කරුණු හත යම් පුද්ගලයකුගේ, සතුරන්ගේ සතුටට හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් කෝප වූවකු සමඟ කෝප නොවිය යුතු බව ද වැඩිදුරටත් එම දේශනාවේ දී පැහැදිලි කරයි.
AN 02-16-07. අමක්ඛ පලාස සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු කුසල ධර්මයෝ
දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
ගුණමකු නොවීමද,
“යුගග්රාහයද
යන මේ දෙකයි.
“මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්මයෝ වෙත්.”
[කෘතඥතාව දිනපතා පුරුදු පුහුණු කරන පහසු මාර්ග කියවන්න ]
AN 02-16-08. අනිස්සා මච්චරිය සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්::
“ඊර්ෂ්‍යයා නොකිරීමද,
නොමසුරු බවද යන මේ දෙදෙනයි.
“මහණෙනි,
මේ දෙක වනාහි
වටිනා කුසල ධර්මයෝ වෙත්.”
[ ඊර්ෂ්‍යාව
අනුන්ට සම්පත් තිබෙනවාට හා ලැබෙනවාට නොකැමති බව විරුද්ධ බව ඊර්ෂ්‍යා නමි. එය අනුන්ගේ ධනය, ගරු බුහුමන් ලැබීම, පූජාසත්කාර ලැබීම, පිරිවර, ශිල්පශාස්ත්‍ර දත් බව, කථිකත්වය, පණ්ඩිත බව, සූරත්වය, රූපය, ත්‍යාගවත් බව, පරවැඩ කරන බව, සිල්වත් බව, ශරීර ශක්තිය, ආරෝග්‍ය යනාදි කරුණු සම්බන්ධයෙන් හටගන්නේ ය. එය හටගත් කල්හි සිතට බබලන්නට නො දෙන බැවින් සිත අඳුරු කරන බැවින් චිත්තෝපක්ලේශයෙකි.
එය අනුන්ගේ ධනය සම්බන්ධයෙන් හටගත් කල්හි ධනය හෝ ධනහිමියා නසනු කැමති වෙයි. නැසෙනු දැක්මට කැමති වෙයි. ධනයට හෝ ධනවතාට කිසි හානියක් නො කළ හැකි කල්හි මොහු දැන් පොහොසත්ව සිටින මුත් පෙර නම් සිටියේ මෙසේ ය. මොහුගේ මව්පියන් සිටියේ මෙසේය යනාදීන් ධනවතා පහත් කොට හෝ සිතයි. කියයි. මොවුන්ට මෙපමණ හොඳ ඇඳුම් පැළඳුම් කෑම් බීම් යාන වාහන කුමට ද, මොවුන්ගේ තත්ත්වයට මේවා සුදුසු නො වේ ය කියා ද සිතයි. කියයි. එසේ සිතමින් කියමින් අනුන්ගේ ධනය නිසා ඊර්ෂ්යාකාරයා තැවෙයි. වෙහෙසෙයි. අනුන්ට ලැබෙන ගරු බුහුමන් පූජාසත්කාර ගැන හා අනුන්හට ඇත්තා වූ ඥාති මිත්‍රාදී පිරිවර ගැන හටගන්නා වූ ඊර්ෂ්‍යාව ද ධනය සම්බන්ධයෙන් හටගන්නා ඊර්ෂ්‍යාව මෙන්ම පවතී.
අනුන්ගේ ශිල්ප ශාස්ත්‍ර සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව හටගත් කල්හි ඒවා සැහැල්ලු කොට දක්වයි. කථික බව පණ්ඩිත බව පිළිබඳව ඊර්ෂ්‍යාව හටගත් කල්හි ඔබඳු කථිකයෝ ඔබඳු පණ්ඩිතයෝ තවත් නැද්ද යනාදීන් ඒ ඒ තැනැත්තාට ගර්හා කරයි. අනුන්ගේ රූපය පිළිබඳ ඊර්ෂ්‍යාව හටගත් කල්හි එය පහත් කොට කථා කරයි. අනුන්ගේ ත්‍යාගවත් බව පරවැඩ කිරීම පිළිබඳ ඊර්ෂ්‍යාව හටගත් කල්හි ඒවා වළක්වන්නට උත්සාහ කරයි. නො හැකි කල්හි පහත් කොට කථා කරයි. සිල්වත් බව පිළිබඳව ඊර්ෂ්‍යාව හටගත් කල්හි සිල්වතා ලවා වරද කරවන්නට උත්සාහ කරයි. සිල්වතා අතින් වරද කරනු දක්නට රිසි වෙයි. සිල්වතා කිලිටි කොට කථා කරයි.
ඊර්ෂ්‍යාව සත්ත්වයන් කෙරෙහි බහුලව ඇති වන්නා වූ ක්ලේශයක් වූ නමුත් සත්ත්වයෝ ඒ බව නො දනිති. තමාහට අනුන් ඊර්ෂ්‍යා කරන බව නොයෙක් විට කියනු ඇසෙයි. තමා අනෙකකුට ඊර්ෂ්‍යා කරන බව තමාගේ සිත්හි ඊර්ෂ්‍යාව හට ගත් බව කිසිවකු විසින් කියනු නොඇසෙයි. ඊර්ෂ්‍යාව ඉතාමත් අධික පුද්ගලයා පවා කියනුයේ තමා කිසිවකුට ඊර්ෂ්‍යා නො කරන බවය. තමාගේ ශුද්ධත්වය දැක්වීමට මේ මනුෂ්‍යයන් විසින් නොයෙක් විට බොරු ද කියන නමුත් ඊර්ෂ්‍යා කරමින් ම ඊර්ෂ්‍යාව නැති බව කියනුයේ තමාගේ සිතේ හට ගන්නා ඊර්ෂ්‍යාව තමාට නො වැටහෙන හෙයිනි. තම තමා තුළ හට ගන්නා ඊර්ෂ්‍යාව තම තමාට ම නො වැටහීම මෙය නැවත නැවත හට ගැනීමට, වැඩීමට බලවත් හේතුවකි.
පණ්ඩිතකම යයි සිතාගෙන සිටින මෝඩකම කවදාවත් දුරු නො වන්නාක් මෙන් ද, රෝගියාට තමා කෙරෙහි ඇති බව නොදැනෙන රෝගය දිනෙන් දිනම වර්ධනය වන්නාක් මෙන් ද, තමා කෙරෙහි ඇති බව ඒ ඒ පුද්ගලයාට නොදැනෙන ඊර්ෂ්‍යාව වර්ධනය ම වනු මිස සිතින් දුරු නොවේ. එබැවින් ඊර්ෂ්‍යාව දුරු කරනු පිණිස තමා තුළ ඊර්ෂ්‍යාව ඇති බව නොයෙක් විට හටගන්නා බව නුවණින් නැවත නැවත විමසා තේරුම් ගත යුතු. “ඊර්ෂ්‍යාව තමාගේ සිත්හි නැත්තේය. නූපදින්නේය”යි කිසි කලෙක නොසිතිය යුතුයි. මට නම් ඊර්ෂ්‍යාවක් නැතය යි සැම දෙනාට ම සිතෙන්නේ, එය නො වැටහෙන හෙයින්ම ය.
ඊර්ෂ්‍යාව සත්ත්වයන් කෙරෙහි කොතරම් බහුලව හටගන්නේ ද යතහොත්: දරුවාට මව පමණ හිතවත් කෙනෙක් නැත. මවට දරුවා පමණ හිතවත් කෙනෙක් නැත. එහෙත් සමහර විටෙක සමහර මව්වරුන්ගේ සිත්හි ස්වකීය දරුවා ගැන ද ඊර්ෂ්‍යාව හට ගනී. දරුවාගේ සිත්හි ද මව ගැන ඊර්ෂ්‍යාව සමහරවිට හටගනී. පුත්‍රයන් කෙරෙහි පවා අන්‍යොන්‍ය ඊර්ෂ්‍යාව හටගන්නා කල්හි සෙස්සන් ගැන කියනුම කිම? තමා කරන කාර්ය්යය ම කරන්නන් සම්බන්ධයෙන් මෙය බොහෝ සෙයින් හටගනී.
ඊර්ෂ්‍යාව නිසා ලොවට සිදු වී තිබෙන විපත ඉතා මහත්ය. මුළුලොව ම ඊර්ෂ්‍යාවෙන් පෙළනු ලබයි. මෙය ලෝකයෙහි නොවී නම් මේ සත්ත්වයෝ ඔවුනොවුන් හා සමගියෙන් ප්‍රිය චක්ෂුසින් ඔවුනොවුන් දෙස බලමින් මිත්‍ර ලීලාවෙන් කල් යවන්නාහ. එසේ නොව ඔවුනොවුන් ගැන සැකයෙන් බියෙන් මිරිකෙමින් ප්‍රීතියක් නැති ව මේ සත්ත්වයන්ට වාසය කරන්නට සිදුවී තිබීමට එක් හේතුවක් මේ ඊර්ෂ්‍යාව ය.
ලෝකයෙහි ඊර්ෂ්‍යාව නිසා කරන්නා වූ අපරාධ බොහෝය. සැඟවී සිට මිනී මැරීම, රාත්‍රීකාලයේ අවුත් පහර දී පලා යාම, වස කැවීම, සූනියම් කිරීම, වස්තු සොරා ගැනීම, විනාශ කර දැමීම, කේලාම් කියා ඔවුනොවුන් භේද කිරීම, බොරු නඩු කීම, බොරු සාක්කි දීම, ඔවුනොවුන් බැණ ගැනීම, කෝලාහල කර ගැනීම යන ආදී බොහෝ පව්කම් ඊර්ෂ්‍යාව නිසා සිදුවන්නේ ය. එබැවින් ඊර්ෂ්‍යාව නිසා ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඇතුළු එයට ලක් වන්නෝ ද මෙලොව මහත් පරිහාණියට, දුකට පැමිණෙත්. මරණින් මතු මේ ඊර්ෂ්‍යාව සත්ත්වයා අපයාට ගෙන යන්නේ ය. එබැවින් මෙය සත්ත්වයා දෙලොවින් ම පිරිහෙන්නා වූ දෙලොව ම දුක් උපදවන්නා වූ පාපයක් බව දත යුතු.
මච්චරිය (මසුරුකම)
තමා අයත් දෙයක් අනෙකකුට අයිති වීම නො ඉවසන්නා වූ ද, තමා අයත් දෙයකින් අනෙකකුට ප්‍රයෝජනයක් වීම නො ඉවසන්නා වූ ද, තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනෙකකුට ඇති වීම නො ඉවසන්නා වූ ද, තමාගේ සම්පත්තිය අන්‍යයන් දැක ගැනීම නො ඉවසන්නා වූ ද ස්වභාවය මාත්සර්‍ය්‍යය යි. අධික මසුරු බව ඇත්තේ තමාට ප්‍රයෝජනයක් නැති නිසා අත් හළ දෙයක් වුව ද අනෙකකු විසින් ගැනීම නො ඉවසයි. තමා අයත් දෙයක් දීම ගැන කියනු කිම? ඇතමෙක් තමන් සතු දෙයක් දීම තබා අනෙකකු ගේ දීම පවා නො ඉවසති. දෙන අන්‍යයන්ට ද ගර්හා කෙරෙති. අනුන් ගේ දීම පවා නො ඉවසන ඒ තද මසුරු බවට කදරියතාවය යි කියනු ලැබේ.
ඇති වීමට හේතු වන වස්තූන් ගේ වශයෙන් ආවාස මච්ඡරිය, කුලමච්ඡරිය, ලාභමච්ඡරිය, වණ්ණමච්ඡරියය, ධම්මමච්ඡරියය යි මාත්සර්‍ය්‍ය පසක් ධම්මසංගණියේ දක්වා තිබේ.
AN 02-16-09. අමායා සාඨෙය්‍ය සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු කුසල ධර්මයෝ දෙකක්ද වෙත්.
කවර දෙකක්ද යත්:
“මායා රහිත බවද,
කෛරාටික නැති බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ දෙක උසස් කුසල ධර්මයෝ වෙත්.”
[තමා කෙරෙහි අවිද්‍යමාන ගුණ ඇති සේ දක්වන්නා වූ ද, සමහර භාණ්ඩවල බඩුවල නැති ගුණ, නැති ස්වභාවයන් දක්වන්නා වූ ද, එක් අදහසකින් කරන ක්‍රියාවක් අනිකක් පිණිස කරන්නා වූ දෙයක් සේ දක්වන්නා වූ ද කෛරාටික භාවය සාඨෙය්‍ය නමි. රවටන ස්වභාවයයි ද එයට කියනු ලැබේ. ධර්ම වශයෙන් කෛරාටික බවය යනු පව් කිරීමෙහි උපාය සිතීම් වශයෙන් පවත්නා වූ ප්‍රඥාවක් නොවූ ප්‍රඥා ප්රතිපරූපක මෝහය යි. මෙය ප්‍රඥාවට සමාන වන බැවින් පරමාර්ථ ධර්මයන්ගේ විශේෂ විභාග නොදන්නෝ ප්‍රඥාව යයි කියති. නමුත් කෛරාටික බව ප්‍රඥාව නොවේ. කිසිවක් ආවරණය කරන ස්වභාවයක් ප්‍රඥාවෙහි නැත. කෛරාටිකයාට ඒ ඒ පව් සිදු කිරීමේ උපාය පෙනෙනුයේ, වඤ්චාවෙහි හා වඤ්චාවෙන් කරන්නට යන පාප කර්මයාගේ ද ආදීනව වසාගෙනය. ඒ ආදීනව පක්ෂය මුවාවන්ට වන්නට පව් කිරීමේ උපාය වඩ වඩා වැටහෙන්නේ ය. මෙසේ ආදීනව පක්ෂය වැසීම ඇති නිසා කෛරාටික බව ප්‍රඥාව නොව මෝහය ම යයි දතයුතු. කෛරාටික බව වූ වඤ්චක ස්වභාවය ඒකාන්ත කුශලයකි. කුශල සිත් සියල්ලෙහි ම ඒ ඒ සිත්වල හා සම්ප්‍රයුක්ත චෛතසිකයන්ගේ ද වංක බව දුරු කොට සෘජු බව සිදුකරන්නා වූ කායුජුකතා, චිත්තුජුකතා චෛතසිකයෝ ඇතහ. ඒ දෙකින් වියුක්ත වූ එකද කුශල් සිතක් නැත. කෛරාටික කම වනාහි අවංක බව නොව වංක බවයි. එබැවින් එය කිසි කලෙක කුශලයක් විය නොහේ. අකුශලයක් වුවහොත් එය ඒකාන්තයෙන් මෝහයෙන් යුක්ත වෙයි. මෝහයෙන් වෙන්ව උපදනා අකුශල සිතක් නැති බැවිනි. අන්‍යොන්‍ය විරුද්ධ වූ මෝහ ප්‍රඥා දෙක කිසිකලෙක එක් සිතෙක නො යෙදේ. එබැවින් කෛරාටික බව අකුසලයක් වීමෙන් ද ප්‍රඥාන නොව, මෝහය ම බව දත හැකි ය.
කෛරාටි බව වූ මේ මෝහය සිත්හි හටගත් කල්හි සිතට බබළන්නට නො දෙයි. අඳුරු කරයි. එබැවින් එය චිත්තෝපක්ලේශයකි. මෙයින් සිත අඳුරු වීම කොතරම් ද කියතහොත්, මෙය සිත්හි හටගත් කල්හි පාපයෙහි ආදීනවය සම්පූර්ණයෙන් වැසීමෙන් ඒ පුද්ගලයා මම කිසිවකුට නොරැවටෙමිය, කිසිවකුගේ ගැටයකට උගුලකට අසු නො වෙමිය, නමුත් මට නම් අන්‍යයන් රැවටිය හැකි ය. ගැටවලට අසු කළ හැකිය කියා ආඩම්බර ද වෙයි.
නැති ගුණ දක්වන කෛරාටිකයෝ ආඳුන් වැනි වෙති. ආඳුන්ගේ හිස් සර්පයන්ගේ හිස් වැනිය. වල්ගය මසුන්ගේ වැනිය. ඌ සර්පයන් දුටු කල්හි වල්ගය සඟවා හිස දක්වා සර්පයකු බව අඟවන්නේ ය. මසුන් දුටු කල හිස සඟවා ඔවුන්ට වල්ගය දක්වා තමා ද මසකු බව අඟවන්නේ ය. එසේ ම කෛරාටිකයෝ අනිකකුගෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබනු රිසි වූ කල්හි ඒ තැනැත්තා කරා ගොස් අන්‍යයන්ගේ නුගුණ කියා ඔහුගේ ගුණ කියා තමාගේ නැත්තා වූ පක්ෂ බව හිතවත් බව පවසා සිත් ගෙන ප්‍රයෝගයෙන් තමාගේ කටයුත්ත සිදු කර ගනිති. නැවත පළමු අගුණ කී තැනැත්තා වෙත ගොස් ඔහුගේ ගුණ කියා අනික් තැනැත්තාගේ අගුණ කියා ඔහුට පක්ෂපාත බව හා හිතවත් බව දක්වා එතනින් ද තමාගේ අදහස් සිදු කර ගනී.
ඇතැම් කෛරාටිකයෝ තමා කෙරෙහි නැත්තා වූ සිල්වත්කම් ආදි තමා කෙරෙහි නැති ගුණ දක්වා ලොව මුළා කරවති. එසේ කරනුවන් බොහෝ සෙයින් ඇත්තේ පැවිද්දන් අතරය. ඔවුහු මිනිසුන් මුළා කරවා ලාභ ලබනු පිණිස පරණ දුර්වල සිවුරු දැරීම්, සුවපහසු නැති අසුන්වල විසීම්, කැපවූ ද ඇතැම් වස්තූන් පරිභෝග නො කිරීම්, අනුන්ගේ අගුණකීම් ආදියෙන් තමන් අන්‍යයන්ට වඩා සිල්වත් බව ලොවට අඟවති. ඇතැමෙක් වඩ වඩා ප්‍රත්‍යය ලබන අටියෙන් දායකයන් විසින් යම්කිසි දෙයක් පුදන්නට යන විට ඕවා හොඳ වැඩිය, ඕවා සිල් රක්නවුන්ට ඕනෑ නැත. ඕවා ලෝභය වැඩි කරන දේවල්ය යනාදීන් කියා ප්‍රතික්ෂේප කිරීමෙන් තමාගේ ගුණවත් බව අඟවති.
AN 02-16 –10. හිරි ඔත්තප්ප සූත්‍රය.
“මහණෙනි,
මෙබඳු තවත්කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්::
“(පාපයට) ලජ්ජාවද (හිරි),
(පාපයට) බයද (ඔත්තප්පය)
යන දෙකය. .
“මහණෙනි,
මේ දෙක උතුම් කුසල ධර්මයෝ වෙත්.”
[බුදුරජාණන් වහන්සේ ලෝක පාලක ධර්ම නොහොත් දේව ධර්ම වශයෙන් හඳුන්වා ඇත්තේ හිරි – ඔතප් දෙකය. එනම් ලැජ්ජා – බිය යන්නයි. මේ පිළිබඳ මඳක් විමසා බැලීමෙන් ලෝකයට එය මොන තරම් සාපේක්ෂ ද යන්න අවබෝධ වනු ඇත. MORE..]
AN-02-16-11. කොධ සමන්නාගත සූත්‍රය.
[සාවජ්ජ යනු වැරදි නොහොත් අනිසි ඵල ඇතිවන ධර්මයෝය. මේ අකුසල ධර්ම නිසා අයහපත් ප්‍රතිඵල ලැබෙන බව සත්‍යය බව දක්වන්නට මේ විශේෂණ පදය කෝධ, මක්ඛ, ඉච්චා, මායා. මාන හා එක් කොට මේ සුත්‍ර පහ ට සාවජ්ජ … සුත්‍ර ලෙස නම් කර ඇත. ]
“මහණෙනි,
අනිසි, අහිතකර ඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ක්‍රෝධයද,
බද්ධ වෛරයද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ දෙක අහිතකර ධර්මයෝ වෙත්.”
AN-02-16-12. මක්ඛ සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
නපුරු ඵල ඇතිවන අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකු බවද,
තමන් උසස් කොට සිතන බව
ද යන මේ දෙදෙනයි.
“මහණෙනි,
“ගුණමකු බවද, (අකෘතඥ බව)
තමන් උසස් කොට සිතන බව
අනිසි ඵල ඇතිකරවන අකුසල ධර්මයෝ ධර්මයෝ වෙත්.”
[මදය:- අධික ව මත්පැන් පානය කළ අයට ඇත්ත නැත්ත නො දැනෙන, කළ යුත්ත නො කළ යුත්ත නොදැනෙන, ගරු කළ යුත්තන් කීකරු විය යුත්තන් නො දැනෙන, තමා ම ලෝකයේ ශ්‍රේෂ්ඨයා ය, සපනාය උගතාය නැණවතා ය කියා හැඟෙන මහා සම්මෝහයෙන් යුත් උඩඟුවක් ඇති වේ. එයට මතයයි ද කියනු ලැබේ. සුරා මදය දිගු කලක් නො පවතී. පැය ගණනකින් සන්සිඳේ. ලෙහෙසියෙන් නො සන්සිඳෙන බැවින් ද බොහෝ කල් පවත්නා බැවින් ද සුරා මදයට වඩා නපුරු වඩා අනර්ථකර මද සත්විස්සක් ඇත්තේ ය. මේ කෙලෙස් ලැයිස්තුවේ මුලින් ම දැක්වෙන්නේ ඒ මද සත්විස්ස ය.
මනුෂ්‍යයෝ සිංහල දෙමළ මුස්ලිම් බුරුම සියම් චීන ජපන් යනාදි නම්වලින් ද ක්ෂත්රිය බ්‍රාහ්මණාදි නම් වලින් ද කොටස් වලට බෙදී සිටිති. ඒ කොටස් ජාති නම් වේ. එක් එක් ජාතියක් ද තවත් නොයෙක් නම් වලින් කුඩා කොටස් වලට බෙදී සිටී. ඒ කොටස් ගෝත්‍ර නම් වේ. ඇතැම් ජාතියක් ඇතැම් ගෝත්‍රයක් උසස් කියා ද ඇතැම් ජාතියක් ගෝත්‍රයක් පහත් ය කියා ද සම්මුති ඇත්තේ ය. තමන්ගේ ජාතිය ගෝත්‍රය උසස් යයි පිළිගන්නා අයට ඒ නිසා සෙය්‍යමානය ද පහත් යයි පිළිගන්නා අයට හීනමානය ද ඇති වේ.
ජාතියෙන් කුලයෙන් ගෝත්‍රයෙන් තමා උසස් ය කියා ඇති වන මානය මෝහයේ සහාය ලැබීමෙන් ක්‍රමයෙන් දියුණු වේ. මම උසස් ජාතියක උසස් කුලයක කෙනෙක් වෙමි, මම උසස් කෙනෙක් වෙමි, සෙස්සෝ පහත් අය ය, මා ඔවුන්ගෙන් වෙන් ව විසිය යුතුය, ඔවුන් හා එක් ව කටයුතු නො කළ යුතුය, ඔවුන්ගේ වැඩවලට මා සහභාගී නො විය යුතුය, ඔවුන් මට ගරු කළ යුතුය. සැලකිලි කළ යුතුය. කීකරු විය යුතුය යන සම්මෝහයෙන් යුක්ත ව දියුණු වූ මහත් වූ බලවත් වූ මානය ජාති මද නම් වේ. ගෝත්‍රය නිසා එසේ ඇතිවන මානය ගෝත්‍රමද නම් වේ. මේ මදය එක්තරා සියුම් උමතු බවෙකි.
මේ ජාති කුල ගෝත්‍ර මදවලින් මත් වී සිටින අය බෙහෙවින් ඇත්තේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ය. එය මේ දෙරටට බලවත් පිරිහීමේ හේතුවක් ව ඇත්තේ ය. ජාතිමද ගෝත්‍රමද නිසා කෙනෙක් තමා උසස් ය, සෙස්සෝ පහත් යයි සිතා ගෙන සිටියාට සෙස්සෝ එය නො පිළිගනිති. තමා පහත් යයි කීමට කැමති වන කෙනෙක් ද නැත. එබැවින් සෙසු අය තමා උසස් ය කියා ගෙන සිටින තැනැත්තාට සතුරු ය. ඔහුට කිසි කරුණකට සෙස්සන්ගේ සහයෝගය නො ලැබේ. සෙස්සන් ඒ උසස් කම නො පිළිගන්නේ නම් උසස්ය කියා තමා ගැන තමා සිතා ගෙන සිටීමෙන් ඇති යහපතක් නැත. එයින් ඇත්තේ තමා අප්‍රිය කරන සතුරු පිරිසක් ඇති වීම පමණකි. ඇතැම්හු ජාතිමද ගෝත්රමදයන් නිසා තුමූ නිර්ධනව සිට පොහොසතුන් අනුකරණය කරන්නට ගොස් රටට ණය වී තමන්ගේ නිවහනට පවා අහිමි වී පරම දරිද්‍ර භාවයට පත් වෙති. ඇතැම්හු මේවා අප විසින් නො කළ යුතු, පහත් අය විසින් කළ යුතු වැඩ යයි තන් විසින් කළ යුතු වැඩ ද නො කර හැර දිළිඳු බවට පත් වෙති. ඇතැම්හු ගරු බුහුමන් කළ යුතු ගුණවතුන්ට අගෞරව කොට අවමන් කොට මරණින් පසු අපායට ද යෙති.
උම්මත්තකයා තමාගේ උමතු බව නොපිළිගන්නාක් මෙන් මදය ඇති තැනැත්තා ද තමා මත් වී ඇති බව නො පිළිගනී. එබැවින් මේ මදය නමැති ක්ලේශය දුරු කරවීම දුෂ්කර ය. එය දුරු වන්නේ සත්‍යය වැටහීමෙනි. එය දුරු කරවීමට දිය යුතු බෙහෙත සත්‍යය අවබෝධ කරවීමය. ජාතිගෝත්‍ර වශයෙන් කියන ඒ ඒ අයගේ උසස් පහත් බවෙහි සත්‍යාසත්‍ය භාවය සෙවිය යුතුය. රන් කාසිය රිදී කාසි තඹ කාසි වලට වඩා උසස් ය. එය සැම දෙන ම පිළිගනිති. එබැවින් එය සත්‍යයෙකි. අන් සැමට ම වඩා ජාතියෙන් බමුණන් උසස්ය යනු ඔවුන්ගේ පිළිගැනීමය. එබැවින් ඇතැම් බමුණෝ බුදුරදුන්ගෙන් පවා ගරු බුහුමන් බලාපොරොත්තු වූහ. ඇතැම්හු ඔවුන්ගේ උසස් බව බුදුරදුන්ටත් පිළිගැන්වීමට උන් වහන්සේ ලවා අනුමත කරවා ගැනීම සඳහා වාදයට ද ආහ. තුමූ අන් හැමට ම වඩා ජාතියෙන් උසස් ය යි බමුණෝ පිළිගනිති. බහුතර සංඛ්‍යාවක් වන සෙස්සෝ එය නො පිළිගනිති. බමුණන්ගේ උසස් බවත් රන්පවුමේ උසස් බව මෙන් සැම දෙනාම පිළිගන්නේ නම් එය සත්‍යයක් විය හැකිය. ලෝකයේ වැඩි ජනකායක් නො පිළිගන්නා බැවින් එය සත්‍යයක් නො විය හැකිය. මේ රටේ ද ඇතැම් කුල ගෝත්‍රවල අය කුලය ගෝත්‍රය නිසා තුමූ උසස් යයි සිතා ගෙන සිටිති. ඒ උසස් කම ඒ කුලයේ ඒ ගෝත්‍රයේ අය මිස සෙස්සෝ නො පිළිගනිති. නො පිළිගන්නෝ ම ඉතා බොහෝය. එබැවින් එහි සත්‍යයක් නැති බව කිව යුතුය. බ්‍රාහ්මණයා උපදින්නේත් රාජකුමාරයා උපදින්නේත් රදලයා උපදින්නේත් රොඩියා උපදින්නේත් අපවිත්‍ර දෙයින් පිරුණු පරම දුර්ගන්ධයෙන් යුක්ත ස්ත්‍රියකගේ කුසය නමැති අපවිත්‍ර ස්ථානයක ය. උත්පත්තිස්ථානය අනුව ඒ සතර දෙනාගේ වෙනසක් නැත. ඉදින් උසස් ය කියන බ්‍රාහ්මණාදීන් පියුමක හෝ රන් කරඬුවක හෝ රිදීකරඬුවක හෝ සඳුන් කරඬුවක හෝ උපදින්නේ නම් ඔවුන්ගේ වෙනසක් ඇත. සැම දෙන ම ගැහැණුන්ගේ කුස වල ම උපදනා බැවින් උත්පත්තියෙන් ඔවුන්ගේ වෙනසක් නැත. සැඩොල් ගැහැණියකගේ කුසයට වඩා අමුතු පිරිසිදු බවක් බැමිණියගේ කුසයේ හෝ රැජිනගේ කුසයෙහි නැත. ඒ එක් අයකුගේවත් ශරීරයේ චන්දනාදි සුගන්ධ ද්‍රව්‍යයක් හෝ රන් රිදී ආදි වටිනා දෙයක් හෝ නැත. සැම දෙනාගේ ම ශරීර සෑදී ඇත්තේ කේශාදි කුණප කොට්ඨාසයන්ගෙනි. චණ්ඩාලයාගේ ශරීරයෙන් ද, දහඩිය, කෙළ, සෙම, සොටු මලමුත්‍ර ගලන්නේය. බමුණාගේ, රජුගේ සිරුරෙන් ද ඒවා ම ගලන්නේ ය. කුලවතාගේ ශරීරයෙන් ගලන දහඩිය ආදියෙහි අමුතු සුවඳක් නැත. චණ්ඩාලයාගේ ඇසක් ඇත. බමුණාටත් ඇසක් ඇත. කුලයේ අනුහසින් චණ්ඩාලයාගේ ඇසේ පෙනීමට වැඩි පෙනීමක් බමුණාගේ ඇසෙහි නැත. බමුණාගේ කණට ඇසෙන සියල්ල චණ්ඩාලයාගේ කනටත් ඇසෙන්නේ ය. බමුණාගේ අත් පා වලින් කළ හැකි සියල්ල චණ්ඩාලයාගේ අත් පා වලින් ද කළ හැකිය. බමුණාටත් පින් පව් දෙක ම කළ හැකිය. චණ්ඩාලයාටත් පින් පව් දෙක ම කළ හැකි ය. පව් කළ බමුණා කුලයේ බලයෙන් අපායට නොයන්නේ නොවේ. පින් කළ චණ්ඩාලයාට ස්වර්ගයට යාමට කුලය නිසා බාධාවක් ද නැත. බුදුන් වහන්සේ ජාති කුල ගෝත්‍ර අනුව මිනිසුන්ගේ උසස් පහත් බව නො පිළිගන්නාහ. බුදු සස්නෙහි සැමට ම පැවිද්ද ලැබිය හැකිය. උපසම්පදාව ලැබිය හැකිය. ධ්‍යානාභිඥා මාර්ග ඵල ලැබිය හැකිය. කරුණු මෙසේ හෙයින් ජාති කුල ගෝත්‍ර අනුව මිනිසුන්ගේ උසස් පහත් බවක් නැති බව කිය යුතුය.
න ජච්චා වසලෝ හොති – න ජච්චා හොති බ්රාහ්මණො
කම්මනා වසලෝ හොති – කම්මනා හොති බ්රාහ්මණො
(වසල සුත්ත)
ජාතිය නිසා වසලයෙක් පහත් පුද්ගලයෙක් නොවේ. ජාතිය නිසා බ්‍රාහ්මණයෙක් උසස් පුද්ගලයෙක් ද නොවේ. ඒ ඒ තැනැත්තාගේ ක්‍රියා අනුව ම පහත් පුද්ගලයෙක් වේ. උසස් පුද්ගලයෙක් ද වේ…
කෙලෙස් එක්දහස් පන්සීය – රේරුකානේ මහා ස්වාමින්වහන්සේ ]
AN-02-16-13. ඉස්සා සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
අයහපත් අනිසි ඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්යයාවද,
මසුරු බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ දෙක අනිසි ඵල ගෙන දෙන
අකුසල ධර්මයෝ වෙත්.”
[“ඊර්ෂ්‍යාව සුව කළ නොහැකි රෝගයකි” යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවත්නා ප්‍රකට කියමනකි. මෙම කියමනට අනුව ඊර්ෂ්‍යාව රෝගයකි. බුදු දහම තුළ රෝග වර්ගීකරණය විවිධය. එනම් කායික රෝග සහ මානසික රෝග වශයෙනි. ඊර්ෂ්‍යාව මානසික රෝග ගණයට වැටෙන්නෙකි. එබැවින් ඊර්ෂ්‍යාව සුවකළ හැකිද ? යන්න මෙම ලිපියෙන් විමර්ශනය කෙරේ.
බටහිර දර්ශනයෙහි මනෝවිද්‍යාව බිහිවීමට බොහෝ කාලයකට පෙර බෞද්ධ දර්ශනය තුළ මනස පිළිබඳව අතිශය සියුම් විග්‍රහයක් පැවතුණි, මානවයාගේ මානසික ලක්ෂණ පිළිබඳ ඉතා ගැඹුරින් විග්රහ කළ බුදුරජාණන්වහන්සේ, රහතන් වහන්සේලා හැර අන් සියල්ලෝම අසාමාන්‍ය චර්යාවන් (Abnormal behavior) ගෙන් සමන්විත වූවෝයැයි දේශනා කර ඇත. “සබ්බේ පෘථජ්ජනා උම්මන්තකා” සියලුම පෘථග්ජනයෝ උම්මන්තකයෝය යනුවෙන් දැක්වීමෙන් ඒ බැව් සනාථ වේ. මිනිසාට වැළඳෙන කායික රෝගවලින් ආරක්ෂා වී බොහෝ කල් සිටිය හැකි වුවද මානසික රෝග එසේ නොවේ. පුද්ගලයාට වැළඳෙන මානසික රෝගවලින් පීඩා නොවීද එක මොහොතක් හෝ ගත කිරීම දුෂ්කර බැව් බුදුන්වහන්සේ දේශනා කර ඇත. පුද්ගලයා නිරන්තරයෙන් බොහෝ ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතරම කෙතරම් සුඛ විහරණ තිබුණද, ඒවායින් තෘප්තිමත්භාවයට නොපැමිණේ. මෙසේ රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ අරමුණු පිළිබදව පිපාසයෙන් පීඩිතව ඒවා පසුපස හඹා යාමේදී අතෘප්තිමත් මනසකින් යුත් පුද්ගලයාගේ දෛනික ජීවන රටාවෙහි විවිධ චර්යා විෂමතා විකෘතිතා ඇතිවේ. එය ස්වාභාවිකය. සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තයෙහි භාරද්වාජ සූත්‍රයට අනුව වස්තු කාමයන්ට හා ක්ලේෂ කාමයන්ට වසඟව සාමිස සැප සොයමින් සැරිසැරීම මානසික රෝගී ලක්ෂණය ලෙසත් එම කාමයන්ගෙන් වෙන් වී නිරාමිස සුවයෙන් කල්ගත කිරීම මානසික නිරෝගීභාවයේ ලක්ෂණය ලෙස පැහැදිලි වේ. මානසික රෝග පිළිබඳව බෞද්ධ විග්රහයන් සූත්‍ර දේශනා රාශියක දැකගත හැකිවන අතර මජ්ක්‍ධිම නිකායේ සල්ලේඛ සූත්‍රය මානසික රෝග හතළිස් හතරක් පිළිබඳව සඳහන් කරයි. ඒ අතරින් එකකි.
ඊර්ෂ්‍යාව:ඉස්සා යන පාලි භාෂා ගත වචනය ඊර්ෂ්‍යාව ලෙස සිංහල භාෂාවෙහි යෙදේ. (Jealousy, Envy) අභිධර්ම විග්රහයට අනුව ඊර්ෂ්‍යාව අකුසල චෛතසික ගණයට වැටෙන්නකි. එසේම අනුන්ගේ සැප , යස ඉසුරු , නොඉවසන සුළු ස්වභාවය ඉස්සා නම් වේ. චුල්ලකම්මවිභංග සූත්‍රයට අනුව අල්පේ ශාක්‍ය බව පිණිස ඊර්ෂ්‍යාවක් මහේශාක්‍ය බව පිණිස ඊර්ෂ්‍යා නොකිරීමත් හේතු වේ. අනුන්ගේ ලාබ සත්කාර, ගරු කිරීම් , පූජා වන්දනා ආදියෙහි ඊර්ෂ්‍යා කරන්නා මරණින් මතු නිරයට නොපැමිණ මිනිස් බවට පත් වන්නේ නම් හෙතෙම අල්පේශාක්‍ය වේ. ඊර්ෂ්‍යා සහගත සිත් ඇති තැනැත්තෙක් වේ. එපරිද්දෙන්ම අනුන්ගේ ලාබ සත්කාර ආදියෙහි ඊර්ෂ්‍යා නොකරන තැනැත්තා මරණින් මතු ස්වර්ගයට නොපැමිණ මිනිස් ලොව උපදින්නේ වේ නම් හෙතෙම මහේශාක්‍ය වන බවද එම සූත්‍රය පැහැදිලි කරයි.
ඊර්ෂ්‍යා කිරීම නිසා දුකට පත් වූවන් පිළිබඳ කතා පුවත් බෞද්ධ පිටක සාහිත්‍යයේ සුලබය. ඒ අතර දේවදත්ත හිමි සුවිශේෂී චරිතයක් වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට හා මහා ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ලාබ සත්කාර, ගරුකාර, මානන, පූජාදියෙහි බොහෝ සෙයින් ඊර්ෂ්‍යා පරවශ වූහ.බොහෝ උපාසක උපාසිකාවන්, රජ සිටුමැතිවරුන් වෙහෙරට පැමිණ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ කියමින් උන්වහන්සේලා සොයති. තමන් වහන්සේ හමුවීමට කිසිවෙකු නොපැමිණේයැයි සිතා බුද්ධ ප්රමුඛ මහා ශ්‍රාවකයන් කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නට වූහ. කෙසේ හෝ තමාටද එම ලාබ සත්කාර ගරුකාර, මානන, පූජාදිය ලබා ගන්නේයැයි සිතා බුදුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වෛර බැන්දෝය.
අනතුරුව ඒ සඳහා යෝග්‍ය පරිසරයක් සකසා ගනු පිණිස අජාසත්ත කුමාරයා වෙත ගොස් ඔහු පහදවාගෙන ඔහු පීතෘගාතකයෙක් කරවීය. තමා කෙසේ හෝ බුදුන් මරා බුද්ධ රාජ්‍යය අත්පත් කර ගන්නා බවට ප්‍රතිඥා දුන්හ. කෙසේ හෝ රජුන්ගේ සහාය ඇතිව දුනුවායන් යොදවා බුදුන් වහන්සේ මරණයට පත් කිරීමට උත්සාහ ගත් අතර බුදුන් වහන්සේ තුළ පැවති මහා කරුණා ගුණය හේතුකොටගෙන ඔවුහු දහම් අසා පැවිදිව මාර්ගඵල අවබෝධයට පත්වූහ. එම කාර්යය සඵල නොවුයෙන් ගිජුකුළු පව්ව පාමුල සක්මනෙන් වැඩහුන් බුදුන්ගේ සිරසට ගල් පෙරලා ලෝහිතුප්පාදක ආනන්තර්ය මහා අකුසල කර්මය සිදුකර ගත්හ.
එයිනුත් නොනැවතී නාලාගිරි (ධනපාල) හස්ති රාජයා රා කල දහසයකින් මත් කොට බුදුන් වඩින මඟට යවා බුදුන් මරවන්ට තැත් කළද බුදුන් වහන්සේගේ මහා මෛත්‍රිය හමුවේ ඇතුන් දණ නැමීය. තවද සංඝභේදක අකුසල කර්මයද සිදුකර ගත්හ. ඒ සියල්ල සිදුවූයේ දේවදත්ත හිමියන් තුළ පැවති ඊර්ෂ්‍යාව නම් වූ බලවත් අකුසල චෛතසිකය පූර්වාංගම කොටගෙනය. ඊර්ෂ්‍යාව කල් පවතින විට එය වෛරයක් බවට පෙරළේ. එම වෛරී සිත අනුන් නැසීම දක්වා වර්ධනය වන බවට ඉහත කතාව මනා උදාහරණයකි.
ඊර්ෂ්‍යාව යනු දෙපණස් චෛතසිකයන්හි අකුසල චෛතසිකයකි. මෙම අකුසල චෛතසිකය හට ගැනීම කෙරෙහි ත්‍රිවිධ අකුසල මූලයන්ගෙන් ද්වේශය ඍජුවම බල පැවැත්වේ. සමාජය තුළ ද්වේශය , වෛරය ආදී අකුසල චේතනාවන් නිසා ස්ත්‍රී දූෂණ, මිනීමැරීම්පහරදීම්, මංකොල්ල කෑම් සුලබව දක්නට ලැබේ.
එම තත්ත්වයන් සඳහා ඊර්ෂ්‍යාව නම් වූ මානසික රෝග කාරකය ඍජුවම බලපැවැත්වෙන බව බෞද්ධ දර්ශනයට අනුව පෙනී යන කරුණකි. එහෙත් සමාජය තුළ පවතින මතය නම් ඊර්ෂ්‍යාව සුව කළ නොහැකි රෝගයක් බවය. කෙසේ නමුත් වඩා වැදගත් වන්නේ ඊර්ෂ්‍යාව රෝගයක් ලෙස සමාජය පිළිගෙන තිබීමයි. එම නිසා රෝගයට පිළියම් සෙවීම පහසු වී තිබේ.
සෑම දෙයක්ම හට ගැනීම සඳහා යම් යම් හේතු සාධක ඉදිරිපත් කිරීම බුදු දහමේ කැපී පෙනෙන ලක්ෂණයකි. පුද්ගල මනස ස්වාභාවයෙන්ම ප්‍රභාෂ්වර එකක්වුවද ඇස, කන, නාසය, දිව, ශරීරය, නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදි අරමුණුවල ගැටීමෙන් වහ වහා අපවිත්‍ර වේ. මහා නිධාන සූත්‍රයට අනුව ඇලීම (ලෝභය) ගැටීම (ද්වේශය) නිසා පුද්ගලයා තුළ මෙන්ම සමාජය තුළද විවිධ ගැටලු පැන නගී.
මෙම තත්ත්වයන් පාලනය කරගැනීම සඳහා අවබෝධය ඉතා වැදගත්වේ. පළමුව තමා පවතින ස්වභාවය වටහා ගත යුතුය. මෙනම් වූ ආස්‍රවයක් තම සිත පාලනය කරන බව දත යුතුය. ඒවා සිතෙන් පළවා හැරීමෙන් සමතුලිත මනසක් ඇති කර ගැනීමේ හැකියාව පවතී. මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ මෙම ආස්‍රවයන් දුරුකර ගැනීම සඳහා සත් වැදෑරුම් පිළිවෙතක් දේශනා කරනු ලැබ ඇත.
දස්සනා කාමාදි ආශ්‍රවයන්ගේ ආදීනව දැකීම, සංවරා (ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු හොඳයි, මැනවිය ගණන් නොගැනීම) පටිසේවනා (සිවුපසය , ජීවිතය පවත්වා ගැනීමට පමණක්ය යනුවෙන් නුවණින් කල්පනා කොට පරිභෝග කිරීම) අධිවාසනා (සීත , උෂ්ණ, කුසගිනි, මැසි මදුරු, ආදි කරදර ඉවසීම හෙවත් විඳ දරා ගැනීම) පරිවජ්ජනා (කෙලෙස් ප්‍රකෝප කරන කාරණවලින් ඈත්ව සිටීම) විනෝදනා (කාමුක හැඟීම්, ද්වේශසහගත හැගීම් ආදී ලාමක අදහස් දුරු කිරීම) භාවනා (සතර සතිපට්ඨානය, සප්ත බොජ්ඣංග ආදි ධර්ම පිළිබඳ සිත දියුණු කිරීම) එම ක්‍රියා පිළිවෙතයි.
එමෙන්ම මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්ඨාන සූත්‍රයට අනුව කිසියම් වැරදි හැඟීමක් සිතෙහි ඇතිවන විට ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් මෙනෙහි කිරීම, ප්රස්තුත හැඟීමෙහි ආදීනව මෙනෙහි කිරීම, වෙනත් අරමුණකට සිත යොමු කොට වැරදි හැඟීම අමතක කොට දැමීම, එහි හැගීමෙහි මූලික හේතුව කුමක්දැයි සොයා බලා එය දුරු කිරීම, කායික හා මානසික යොදා ආවේග පාලනය කිරීම යනු කරුණු ප්‍රායෝගික ක්‍රියාවෙහි නැංවීම මඟින් ඊර්ෂ්‍යාව නම් වූ මානසික රෝගී තත්ත්වය ප්රත්යක්ෂ වශයෙන් සුවකර ගත හැක.
AN-02-16-14. මායා සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
අයහපත් අනිසි ඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායාවද,
කෛරාටික බවද
යන මේ දෙදෙනයි.
“මහණෙනි,
මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්මයෝ වෙත්.”
[තමාට වඩා ගුණයෙන් උසස් අය හා තමා සම කොට ගන්නා ස්වභාවය පලාස නම් වේ. සිල්වත්හු ය, ආරණ්‍යකයෝ ය, පිණ්ඩපාතිකයෝ ය, පණ්ඩිතයෝ ය, කාරුණිකයේ ය, ශාසන සේවකයෝ ය, ශාසන ශෝධකයෝ ය යි කියමින් සිටින අයගේත් අපගේත් ඇති වෙනසක් නැත. ඔවුන්ට කළ හැකි හැම දෙයක් ම අපටත් කළ හැකිය. ඔවුහු ද අප මෙන් මැරෙන්නෝ ය. මරණින් පසු ඔවුනට යාමට අමුතු ලෝකයක් නැත යනාදීන් පලාසය ඇතියෝ ගුණවතුන් හා තමා සම කොට සිතති. සම කොට කථා කරති. එද ඒ ආකාරයෙන් පවත්නා මානය ම ය.
AN-02-16-15 . අහිරික සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
අයහපත් අනිසි ඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්::
“(පාපයට) ලජ්ජා නැති බවද,
(පාපයට) භය නැති බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
“(පාපයට) ලජ්ජා නැති බවද,
(පාපයට) භය නැති බවද
අයහපත් අනිසි ඵල ඇතිවන
අකුසල ධර්මයෝ වෙත්. ”
AN-02-16 -16. අක්කොධ සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“අක්රෝධයද,
බද්ධ වෛර නොකිරීමද
යන මේ ධර්ම දෙකයි.
“මහණෙනි,
ක්‍රෝධ නොකිරීම ද,
වෛර නොකිරීමද
නිරවද්‍ය ධර්මයෝ වෙත්.”
AN-02-16-17. අමක්ඛ සමන්නාගත සූත්‍රය.
[අනවජ්ජ : වැරදි, අකමැති, අයහපත් ඵල නොලැබෙන ලෙස සලකා ඊළඟ සුත්‍ර
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකු නොවීමද,
තමන් උසස් කොට නොසිතීමද
යන මේ දෙකයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්‍ය ධර්මයෝ වෙත්.”
[ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි ලියු ලිපියක් :
මේ ලෝකයේ මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන්කොට දැක්විය හැකි සුවිශේෂීම සාධකය වන්නේ උත්තුංග වූ සදාචාර හා අධ්‍යාත්මික ගුණයයි.
‘මනස්ස උස්සන්නත්තා මනුස්සා’
මනං උස්සතීති මනුස්සෝ’
ආදි වශයෙන් මනසේ උසස් බව නිසා මනුෂ්‍යයා වන්නේය.
මනුෂ්‍යයාට ඇති මානව ධර්ම අතර ඉතා උසස්, වැදගත් මනුෂ්‍ය ධර්මය කළගුණ සැලකීමයි. කෘතවේදී බවයි. එය උතුම් මිනිස් ගුණධර්මයක් බව බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළහ. තමන් වහන්සේගේ සම්බුද්ධ චරිතාදර්ශයෙන් එය ප්රායෝගිකවම පෙන්වා වදාළහ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් අප්‍රමාණ වෙහෙස විඳ පාරමී දම් පුරා ලැබූ උත්තරීතර පදවිය, ශ්‍රී සම්බෝධිය ලද පසු උන්වහන්සේ ක්‍රියා කළේ උණගසක ස්වරූපයෙනි. කොතරම් උසට වැඩුණත් උණ ගසේ දල්ලෙහි ස්වභාවය බිමට නැමී තිබීමය. උන්වහන්සේ ද උතුම් සම්බුදු පදවිය ලද පසු පහළ බැලූ සේක. උද්දාමයට පත් නොවී මේ අති දුෂ්කර ගමනේ දී තමන් වහන්සේට උදව් කළේ කවුදැයි විමසා බැලු සේක. සජීවි ,අජීවි මිත්‍රයන් අතර ආසන්නවම උන්වහන්සේට උදව් කළේ අජීවි වෘක්ෂයකි. ශ්‍රී සම්බෝධිය ලබන්නට තමන් වහන්සේට සෙවණ දුන් ඇසතු වෘක්ෂයට, ‘දුතියංච අනිම්මිසං’ දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාවෙන් කළගුණ දක්වමින් මුළු ලෝකයටම ඒ ආදර්ශ සම්පන්න පාඩම කියා දුන් සේක. ඉන්පසු ගුරුවරුන් ගැන, යහළු මිත්‍රයන් ගැන කල්පනා කළහ. පස්වග තවුසන් සොයා උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කළහ.
කෘතගුණ, කෘතඥතාව යනු අප අතර තිබිය යුතු ගුණ යහපත්කම් අතර ප්‍රධානතම ගුණාංගයකි.
එහෙත්, “කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභො ලෝකස්මිං’ කළගුණ දන්නා, කළගුණ සලකන මිනිසුන් මේ ලෝකයෙහි ඉතා දුර්ලභ ය. උසස් ගුණධර්ම ගැන සිතන, බුද්ධිමත්ව කල්පනා කරන, මනුෂ්‍ය ධර්ම සහිත පුද්ගලයන් අඩුය. බොහෝ දුරාචාර නිතර ඇස ගැටේ. අම්මට තාත්තට නොසලකන, ගුරුවරුන්ට ගරු නොකරන, යහළු මිත්‍රයන් නොසලකා හරින බොහෝ අය වෙත්. තමන්ට උදවු උපකාර කරන අයට ආරක්ෂාව සපයන අයට, කෙටියෙන් කියනවා නම් රජයට පවා සැලකීම අත්‍යවශ්‍යය. රජයට සලකනවා කියන්නේ එක් පැත්තකින් රාජ්‍ය නීතියට ගරු කිරීමය. තමන්ට නියමිත බදු මුදල්, ගෙවීම ‘රාජබලි’ ආගන්තුක සත්කාරය ‘අතිතිබලි’ ,ඥාතීන්ට සැලකීම ‘ඥාතිබලි’ ආදි වෙසෙස් ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුමය. තවත් පැත්තකින් සැලකීම යනු දුබල වු විට රැක ගැනීමය. එහෙත් ඇතැම් පිරිසකට තමන්ට යම් තැනකට එන්නට අතදුන් අය, උදවු උපකාර කළ අය ඉහළට ආ සැනින් අමතක ය. සරලම උදාහරණය වැඩිහිටි නිවාසයන් හි දුකසේ කල් ගෙවන මවුපියන් ය.අත පය නොකඩා, කවා පොවා ආදරයෙන් ඇති දැඩි කළ, ශිල්ප දැනුම දී සමාජයේ වඩාත් ඉහළින් ජීවත් වෙන්නට දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ මවුපියවරු එහි අපමණ වෙති. එහෙත් අබල දුබල වු දා ඒ අම්මා, තාත්තා බරක් ලෙස සලකමින් ඔවුන් නොසිටිය යුතු තැනෙක සිරකර අසරණ කරන්නට තරම් අකෘතඥ දරුවන් අප අතර සුලභ ය. ගහකොළ වනසා දමමින්, බොහෝ අපවිත්‍ර දෑ පරිසරයට මුදා හරිමින්, සත්ත්ව ඝාතන කරමින් තමන් ගැන පමණක් සිතන, පරිසරය වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන් කෘතවේදි නොවන පිරිස් අපමණ ය. එහෙත් බෞද්ධයකු ගේ ස්වරූපය විය යුතු කෘතඥතාවයයි. සිතින්, කයින්, වචනයෙන් යන තුන් දොරින්ම ඒ බව විද්‍යමාන විය යුතු ය. එහිදී පහසුම දෙය වන්නේත්, මුල්තැනට එන්නේත් කෘතඥතාව වචනයෙන් පළ කිරීම ය.
බෞද්ධ පරිසරයක් ඔස්සේ සංස්කෘතිය ගොඩනඟාගත් ජපානයේ දි අපූර්ව දර්ශනයක් දුටුවෙමි. සාමාන්‍යයෙන් මාර්ගයේ ඇති කහ ඉරකින් පාර මාරුවන මගියා පවා තමන් වෙනුවෙන් වාහනය නවතා ඉඩදුන් කවරෙකුට වුව ආපසු හැරී සිය හිසනමා ආචාර කිරීම ඔවුන්ගේ සිරිතකි. කහ ඉර අසල වාහන නවතා මගියාට ඉඩ දීම නීතියකි. එහෙත් නීතයට ගරු කළ පුද්ගලයාට පවා හිස නමා ආචාර කරන්නට තරම් ආචාරශීලිත්වයක්, කෘතවේදි බවක් ඔවුන් සතු ය. එය මොන තරම් සිත් ඇදගන්නා, සිතට සතුට ගෙන එන දර්ශනයක් ද? ඒ ගෞරවය, කෘතවේදී බව ලබන්නාට දැනෙන පහන් සිතිවිලි තවත් නීතිගරුක වන්නට, අනුන් වෙනුවෙන් උදවු උපකාර කරන්නට උත්තේජනයක්, පෙළඹවීමක් ම වන්නේ ය. සමහර අය වචනයෙන් කෘතවේදී බව පළකරන්නට මැළිවෙති. එහෙත් සිතින් ඒබව පළකරති. එහෙත් එය ලෝකයට නොපෙනේ. අදාළ පුද්ගලයාට නොදැනේ.
උදව්වක දී, උපකාරයක දී ‘ස්තුතියි’ කියන වචනය පළ නොකිරීම වරදකි. සුළු උපකාරයක දී වුව කෘතවේදි බව පළ කරමින් අපගේ බාල පරපුරට ආදර්ශයක් වීම කළ යුතුම ය. අද බොහෝ විට පාසලක, අධ්‍යාපන ආයතනයකදී පවා දරුවෙකුට ත්‍යාගයක්, සහතික පත්‍රයක් පිරිනමන අවස්ථාවක පිරිනමන්නා වෙත යාන්තමට හෝ දරුවන්ගේ හිස නැමෙන්නේ නැත. ‘ස්තුතියි’ කියන වචනය කියැවෙන්නේ නැත. එයින් ගම්‍ය වන්නේ අපේ සදාචාර පරිහානියයි.
භික්ෂු සමාජයේ දී කෘතවේදී බව නිරන්තරයෙන් දැකිය හැකි ය.කෙනෙක් වන්දනා කළ මොහොතක පවා ‘සුවපත් වේවා’ යි ප්‍රකාශ කරන්නේ කෘතවේදී බව පළකිරීමටය. යම් පූජාවක් කළ විට පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ කෘතඥතාව පළ කිරීමටය.
පැවිදි සමාජයෙහි පමණක් නොව ලාංකීය ගිහි සමාජයෙහිත් ඒ අගනා ගුණධර්ම වර්ධනය කරගත යුතුවේ. අම්මා, තාත්තා බොහෝ දුක් මහන්සි වි සරිකරන බත්පතෙන් පළමු බත් පිඬ මුවට ගන්නට පෙර මගේ අම්මට තාත්තට පින් සිදුවේවායි කියන්නට දරුවන්ට හුරු පුරුදු කළ යුතුය. ඒ තැන සිට කෘතවේදි බව ඉගැන්විය යුතු ය. නැතිනම් අනාගත සමාජය තුළින් මේ වටිනා ගුණධර්ම දුරු වී යාම වැළැක්විය නොහැකි ය. අද ද අප එවැනි බොහෝ දේ අත් විඳිමු. දුම්රියක දී බස්රියක දී ගැබිනි මවකට වුව අසුනක්, පිරිනැමුවේ නම් ස්තුතියි කියන වචනය හෝ සමහර මව්වරුන්ගේ මුවින් පිට නොවේ. බසයෙන් බැස යන මොහොතේ පිරිනැමූ ආසනය ආපසු බාර ගන්නා ලෙසට දැන්වීමට හෝ සමහර අයට හැඟීමක් නොවේ. ඇයගේ කුසෙන් බිහිවන දරුවාට ඇය ආදර්ශවත් මවක් වන්නී කෙලෙසද? මේ දොස් නැඟීමක් නොවේ. මනුෂ්‍ය ධර්මයත් හුරු පුරුදු කරනු පිණිස, සාමජය තුළ ඇසෙන දකින දේ පිළිබදව කළ දැන්වීමකි. තමන් පිළිබඳව ගැඹුරින් සිතාබලා ස්වයං විවේචනාත්මකව දුර්වලතා හඳුනාගෙන ඉතා ඉක්මනින් නිවැරැදි විය යුතුව තිබේ. අපගේ බාල පරපුරට ඒ ආදර්ශය දිය යුතුව තිබේ. ගුරු, මවුපියවරු මෙය හොඳින් අවබෝධ කොට දරුවන්ට ඒ ගුණධර්ම පුරුදු පුහුණූු කළ යුතුවේ. මේ වැදගත් සිරිත ජාතික චරිතාවලියට වහාම ඇතුළත් කරගත යුතුව තිබේ. අපගේ බොදු හැදියාව සිතින් සේ ම කයින්, වචනයෙන්ද ලෝකයට පෙන්විය යුතුවේ. එවිට ලෝකයේ ගෞරවය නිතැතින්ම අප වෙත හිමිවනු ඇත.
බුදුසරණ- 2018-06-27]
AN-02-16-18. අනිස්සා සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්‍යා නොකිරීමද,
නොමසුරු බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ “ඊර්ෂ්‍යා නොකිරීමද,
නොමසුරු බවද නිරවද්‍ය කුසල ධර්මයෝ වෙත්.”
[පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍රමයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.
දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍රහ වශයෙන් දීම දාන නම් වේ. ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.]
AN-02-16-19. අමායා සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායා රහිත බවද,
කෛරාටික නැති බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ “මායා රහිත බවද,
කෛරාටික නැති බවද
මෙලොවද එලොවද සැප ගෙන දෙන කුසල ධර්මයෝ වෙත්.”
AN-02-16-20. හිරි සමන්නාගත සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“(පාපයට) ලජ්ජාවද,
(පාපයට) භයද යන
මේ දෙදෙනයි.
“මහණෙනි,
මේ ලජ්ජා බය සැප සලසන කුසල ධර්මයෝ වෙත්.”
AN-02-16-21. ක්‍රොධ දුක්ඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ක්‍රෝධයද,
බද්ධ වෛරයද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ දෙක වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-17-22. මක්ඛ දුක්ඛුද්ර සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකුවීමද,
තමන් උසස් ට සිතන බවද
යන මේ දෙදෙනයි.
“මහණෙනි,
මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-23 . ඉස්සා දුක්ඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්යයාවද,
මසුරු බවද
යන මේ දෙදෙනයි.
“මහණෙනි,
“ඊර්ෂ්යයාවද, මසුරු බවද අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.”
AN-02-16-24 .මායා දුක්ඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායාවද,
කෛරාටික බවද
යන මේ දෙකයි.
“මහණෙනි,
මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-25 . අහිරික දුක්ඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“(පාපයට) ලජ්ජා නැති බවද,
(පාපයට) භය නැති බවද
යන මේ දෙදෙනයි.
“මහණෙනි,
මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-26 .අක්කෝධ සුඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“අක්රෝධයද,
බද්ධ වෛර නොකිරීමද
යන මේ දෙකයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-27 . අමක්ඛ සුඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකු නොවීමද,
තමන් උතුම් කොට නොසිතන බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-28. අනිස්සා සුඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්‍යයා නොකිරීමද,
නොමසුරු බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-29. අමායා සුඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායා රහිත බවද,
අකෛරාටික බවද
යන මේ දෙකයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-30 . හිරි සුඛුද්‍රය සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“(පාපයට) ලජ්ජාවද,
(පාපයට) භයද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-31. දුක්ඛ විපාක කොධ සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ක්‍රෝධයද,
බද්ධ වෛරයද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-32 . දුක්ඛ විපාක මක්ඛ සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකු වීමද,
තමන් උතුම්කොට සිතන බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-33 . දුක්ඛ විපාක ඉස්සා සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්යයාවද,
මසුරු බවද
යන මේ දෙකයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-34 . දුක්ඛ විපාක මායා සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායාවද,
කෛරාටික බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-35. දුක්ඛ විපාක අහිරික සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“(පාපයට) ලජ්ජා නැති බවද,
(පාපයට) භය නැති බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-36 . සුඛවිපාක අක්කොධ සූත්‍රය.
“මහණෙනි,
සැප විපාක ඇති කරන කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,
“අක්රෝධයද,
බද්ධ වෛරනොකිරීමද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16- 37. සුඛවිපාක අමක්ඛ සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකු නොවීමද,
තමන් උතුම්කොට නොසිතන බවද
යන මේ දෙකයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-38. සුඛවිපාක අනිස්සා සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්‍යයා නොකිරීමද,
නොමසුරු බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙක වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-39. සුඛවිපාක අමායා සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායා රහිත බවද,
කෛරාටික නැති
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙක වනාහි,
සැප විපාක ඇති කුසලධර්මයෝ වෙත්.”
AN-02-16-40 . සුඛවිපාක හිරි සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“(පාපයට) ලජ්ජාවද,
(පාපයට) භයද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.”
AN-02-16-41. සව්‍යාපජ්ඣ කෝධ සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ක්‍රෝධයද,
බද්ධ වෛරයද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙක වනාහි,
දුක් සහිතවූ අකුසල ධර්මයෝ වෙත්.”
AN-02-16-42. සව්‍යාපජ්ඣ මක්ඛ සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකු වීමද,
තමන් උතුම්කොට සිතන බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙක , දුක් සහිතවූ අකුසල ධර්මයෝ වෙත්.”
AN-02-16-43. සව්‍යාපජ්ඣ ඉස්සා සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්යයාවද,
මසුරු බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-44 . සව්‍යාපජ්ඣ මායා සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායාවද,
කෛරාටික බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-45. සව්‍යාපජ්ඣ අහිරික සූත්‍රය.
“මහණෙනි,
අයහපත් ප්‍රතිඵල ඇතිවන
අකුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“පාපයට ලජ්ජා නැති බවද,
පාපයට භය නැති බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-46. අව්‍යාපජ්ඣ අක්කොධ සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“අක්රෝධයද,
බද්ධ වෛර නොකිරීමද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-47 . අව්‍යාපජ්ඣ අමක්ඛ සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ගුණමකු නොවීමද,
තමන් උතුම් කොට නොසිතන බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
AN-02-16- 48. අව්‍යාපජ්ඣ අනිස්සා සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“ඊර්ෂ්‍යයා නොකිරීමද,
නොමසුරු බවද
යන මේ දෙකයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි,
ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-49 . අව්‍යාපජ්ඣ අමායා සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“මායා රහිත බවද,
කෛරාටික නැති බවද
යන මේ දෙදෙනයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි,
ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
AN-02-16-50.අව්‍යාපජ්ඣ හිරි සූත්‍රය.
“මහණෙනි,
යහපත් ප්‍රතිඵල ඇතිවන
කුසල ධර්මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්:
“පාපයට ලජ්ජාවද,
පාපයට භයද යන
මේ දෙකයි.”
“මහණෙනි,
මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
XVII. Unwholesome Repetitio n Series333
230 (1)–234 (5)334
“Bhikkhus, there are these two unwholesome qualities. What
two? (230) Anger and hostility . . . (231) Denigration and insolence
. . . (232) Envy and miserliness . . . (233) Deceitfulness and
craftiness . . . (234) Moral shamelessness and moral recklessness.
These are the two unwholesome qualities.”